Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සංගාගෙන් ගිළිහුණු ද්විත්ව ශතක 3 ක්

සංගාගෙන් ගිළිහුණු ද්විත්ව ශතක 3 ක්

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 14 Comment
A A A

ටෙස්ට් තරග 127 කදී ද්විත්ව ශතක 10 ක් ලබාගනිමින් ලෝකයේ වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන් අතර දෙවැනි ස්ථානයට පත්වූ නමුත් වාසනාවේ දෙව්දුව ඔහු සමග සිටියා නම් ටෙස්ට් ද්විත්ව ශතක 13 ක් ලබාගනිමින් අසහාය පිතිකරු ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් පසුකර යාමේ අවස්ථාවත් කුමාර් සංගක්කාරට තිබිණ.

වසර දෙකකට ඉහත පාකිස්තානු පිලට එරෙහිවම ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයේදී සංගක්කාර ලකුණු 199 ක් ලබා නොදැවී සිටියදී කණ්ඩායමේ සියලූම පිතිකරුවෝ දැවී ගියහ. එම සිදුවීමෙන් දින 8 කට පසුව, කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැති ටෙස්ට් තරගයේදී නැවත වරක් ද්විත්ව ශතකය සොයා යන සංගක්කාර ලකුණු 192 දී දැවී යන්නේ අබ්දුර් රෙහෙමාන්ගේම පන්දුවකට තවුෆීක් උමාර් උඩපන්දුවක් රැකගැනීමෙනි.

අදින් වසර 7 කට පොරතුව  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව හොබාර්ට්හිදී පැවැති ටෙස්ට් තරගයේදී ලකුණු 507 ක ඉලක්කයක් කරා යමින් සිටි ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් අති විශිෂ්ට පිතිහරඹයක යෙදෙමින් ලකුණු 192 ක් ලබාගත් සංගක්කාරට බලාපොරොත්තු කඩවුණු මුහුණින් ආපසු කී‍්‍රඩාගාරයට යාමට සිදුවූයේ විනිසුරුවරයාට වැරදීමක් වූ බැවිනි. එකල විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය නොතිබිණ.

 

සංගක්කාරගේ ද්විත්ව ශතක 10 සහ ගිළිහුණු අවස්ථා 3

ලකුණු පන්දු රට  ස්ථානය 6 පහර  4 පහර  වසර 
319 482 බංග්ලාදේශය  චිතගෝන්හිදී 8 32 2014
287 457 දකුණු අප්‍රිකාව  කොළඹදී (එස්. එස්. සී. පිටිය) 0 35 2006
270 365 සිම්බාබ්වේ බුලවායෝහිදී 2 36 2004
232 357 දකුණු අප්‍රිකාව  කොළඹදී (එස්. එස්. සී. පිටිය) 1 31 2004
230 327 පාකිස්තානය  ලාහෝර්හිදී 3 33 2002
222* 277 බංග්ලාදේශය  නුවරදී 0 28 2007
221 425 පාකිස්තානය  ගාල්ලේදී 0 24 2014
219 335 ඉන්දියාව කොළඹදී (එස්. එස්. සී. පිටිය) 0 29 2010
211 431 පාකිස්තානය  අබුඩාබිහිදී 0 18 2011
200* 325 බංග්ලාදේශය  කොළඹදී (ඕවල් පිටිය) 2 20 2007
199 387 පාකිස්තානය  ගාල්ලේදී 2 18 2012
192 282 ඕස්ට්‍රෙලියාව හොබාර්ට් 1 27 2007
192 351 පාකිස්තානය  කොළඹදී (එස්. එස්. සී. පිටිය) 1 15 2012

අදහස් (14)

සංගාගෙන් ගිළිහුණු ද්විත්ව ශතක 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.