Last Update  :  2025-12-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශී‍්‍ර ලංකා පිලට තුන්වැනි තැන

ශී‍්‍ර ලංකා පිලට තුන්වැනි තැන

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


දෘශ්‍යාබාධිත ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කේප් ටවුන්හි ගැරී කර්ස්ටන් කී‍්‍රඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 134 ක පහසු ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය.

ඒ අනුව තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා පිලෙන් ගිළිහී ගියේය. කෙසේ වුවත් දෘශ්‍යාබාධිත ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලයක ශ්‍රී ලංකා කණ්ඩායමක් තෙවැනි ස්ථානය දිනාගත් පළමු අවස්ථාව ලෙස මෙය සැලකේ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 408 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිලට නියමිත  ඕවර 40 අවසානයේ කඩුලූ 9 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 273 ක් පමණි.
චන්දන දේශපි‍්‍රය (79) සහ සුරංග සම්පත් (65) ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් අර්ධ ශතක රැස්කිරීමට සමත් වුවද, තරගය ජයගැනීමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශේකර් නායික් ලකුණු 47 කට කඩුලූ 4 ක් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම අඩ පණ කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිල නියමිත  ඕවර 39.3 අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 407 ක් රැස්කළේය.

ආරම්භක පිතිකරු ශේකර් නායික් ලකුණු 150 ක් රැස්කරමින් ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය.

කෙටන්බායි පතේල් (52) සහ ප‍්‍රකාශ ජයරාමයියා (67) අර්ධ ශතක රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා ශේකර්ට මනා සහයක් දුන්හ.

ඉන්දියාව -  ඕවර 39.3 කදී සියලූ දෙනා දැවී 407
(ශේකර් නායික් 150, ප‍්‍රකාශ ජයරාමයියා 67, කෙටන්බායි පතේල් 52, අජේකුමාර් ඉල්ලූරි 22, ඊශ්වර්බායි මුහුද්කර් 27, සුරංග සම්පත් 60/2, සමන් කුමාර 71/2)

ශ්‍රී ලංකාව -  ඕවර 40 කදී කඩුලූ 9 ක් දැවී 273
(චන්දන දේශපි‍්‍රය 79, සුරංග සම්පත් 65, දදැල්ලගේ චමින්ද 46, ශේකර් නායික් 47/4)


- 036


අදහස් (0)

ශී‍්‍ර ලංකා පිලට තුන්වැනි තැන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.