Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා ක්‍රිකට් ඩොලර් මිලියන 8 ක ණය ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ඩොලර් මිලියන 8 ක ණය ඉල්ලයි

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මේ වන විට මුහුණ දී සිටින දරුණු මූල්‍ය අර්බුදයට තරමක හෝ විසඳුමක් ලබාගැනීම සඳහා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් ඉල්ලා සිටි ඩොලර් මිලියන අටක (රුපියල් මිලියන 1040) ණය මුදල ලබාගැනීම සම්බන්ධයෙන් වගවීමට මුදල් අමාත්‍යංශය ඉදිරිපත් වනු ඇතැයි දැනගන්නට තිබේ.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් වරක් ප‍්‍රතික්ෂේප කරන ලද මෙම ණය මුදල ලබාගැනීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නැවත වතාවක් ඉල්ලීමක් කර ඇති බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සහ රජය අතර පැවැති සාකච්ඡුා වලින් අනතුරුව ඒ සම්බන්ධයෙන් වගවීමට මුදල් අමාත්‍යංශය ඉදිරිපත් වූ බවත් මෙම ණය මුදල පිළිබඳව කළ විමසීමකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස්ම නිලධාරියෙක් ඊයේ (25 වැනිදා) ලංකාදීපයට පැවසීය.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වරින් වර මුහුණ දුන් මූල්‍ය අර්බුද හමුවේ රාජ්‍ය බැංකුවකින් ලබාගත් අති විශාල මුදල් කන්දරාව වෙනුවෙන් ගෙවනු ලබන වාර්ෂික පොළී මුදල රුපියල් මිලියන 150 කට ආසන්න බවද එම නිලධාරියා පැවසීය.

මෙම ණය මුදල පියවා දැමුවහොත් වාර්ෂිකව රුපියල් මිලියන 150 කට ආසන්න මුදලක් ඉතිරි කරගනිමින් එම මුදල් කි‍්‍රකට් කී‍්‍රඩාවේ සංවර්ධනයට යොදාගත හැකි බවත් හෙතෙම ලංකාදීපයට පැවසීය.

”අපි මේ ණය මුදල ඉල්ලා සිටින්නේ පොළී නොගෙවන පදනම මතයි. අන්තර්ජාතික කි‍්‍රකට් සභාව මීට කලින් සිම්බාබ්වේ කි‍්‍රකට් පාලක මණ්ඩලයටත් මෙවැනිම ණයක් ප‍්‍රදානය කළා” යයි කී එම නිලධාරියා..

”බොහෝ වෙලාවට ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිවලින් ශී‍්‍ර ලංකාවට ගෙවීමට නියමිත මුදලින් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව ඒ මුදල් අයකර ගනීවි” යයිද පැවසීය.

තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත 2014 වසරේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන ආදයම් මාර්ග වී ඇත්තේ ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වුවහොත් ආසියානු කි‍්‍රකට් සම්මේලනයෙන් හිමිවිය යුතු ඩොලර් මිලියන 3 ක (රුපියල් මිලියන 390 ට ආසන්න මුදලකි) මුදලත් ලබන වසරේදී බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියෙන් ලැබිය යුතු ඩොලර් මිලියන 8.95 ක (රුපියල් මිලියන 1163.5) ක මුදලත්ය.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් ණයක් වශයෙන් ඉල්ලා සිටින්නේ ඉදිරියේදී ලැබීමට ඇති මුදලින් කොටසකි.
මේ අතර වසර 2011 දී පැවැති ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිකළ පල්ලෙකැළේ සහ සූරියවැව කී‍්‍රඩාංගණ දෙක වෙනුවෙනුත් ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණය නවීකරණය කිරීම සඳහාත් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට  ගෙවිය යුතු මුදලින් විශාල මුදල් ප‍්‍රමාණයක් තවමත් ගෙවීමට ඉතිරි වී ඇතැයිද කියැවේ.

වසර 2014 සඳහා සකස් කර ඇති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අයවැය ලේඛණය අනුව රාජ්‍ය බැංකුවකට ගෙවිය යුතු පොළී මුදල රුපියල් මිලියන 65 ඉක්මවන අතර එහි ණය මුදලේ පියවීමේ කොටස රුපියල් මිලියන 528 ඉක්මවයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ වැටුප් ගෙවීම සඳහා මාසිකව රුපියල් ලක්‍ෂ 20 කට වැඩි මුදලක් වැයවන බවත් දැනගන්නට ඇත.


අදහස් (1)

ශ්‍රී ලංකා ක්‍රිකට් ඩොලර් මිලියන 8 ක ණය ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.