Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner විධායක කමිටු තීරණය ඇමති අණින් නවති

විධායක කමිටු තීරණය ඇමති අණින් නවති

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ශ්‍රී ලංකා කි‍්‍රකට් කමිටු තේරීම් නිලධාරීන් තිදෙනෙකුට ගෙවීම් කිරීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් විධායක කමිටුව හදිසියේම ගන්නාලද තීරණය වහාම කි‍්‍රයාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවන ලෙස කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා නියෝග කර තිබේ. ශ්‍රී ලංකා කි‍්‍රකට් නිලධාරීන් සහ තමන් අතර අද (23 වැනිදා) පැවැත්වීමට නියමිත හමුවේදී, විධායක කමිටුවේ මෙම හදිසි තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සූදානම් වන ලෙසද කී‍්‍රඩා ඇමතිවරයා කි‍්‍රකට් නිලධාරීන්ට දන්වා තිබේ.

ශ්‍රී ලංකා ජාතික කි‍්‍රකට් තේරීම් කමිටුවට නිලධාරීන් පස් දෙනකු අයත්වන අතර ඔවුන් අතරින් හෂාන් තිලකරත්න, ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ දෙදෙනා පමණක් ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ වැටුප් ලබමින් කටයුතු කරන පූර්ණ කාලීන තේරීම් කමිටු සාමාජිකයෝ වෙති. තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාත් සෙසු සාමාජිකයන් වන චමින්ද මෙන්ඩිස් සහ එරික් උපශාන්ත යන මහත්වරුන් දෙදෙනාති එහි කටයුතු කළේ ගරු සේවා පදනම මතය. එහෙත් ඔවුන් සියලූ දෙනාටම ඉන්ධන දීමනාව සහ අනෙකුත් දීමනා හිමිව තිබිණි.

තමන්ගේ දීමනා ඉහළ දමන ලෙස තේරීම් කමිටු නිලධාරීන් ඉල්ලීමක් නොකළ නමුත් පසුගිය සතියේ රැස්වූ ශ්‍රී ලංකා කි‍්‍රකට් විධායක කමිටුව, තේරීම් කමිටු සභාපතිවරයාගේත් සෙසු නිලධාරීන් දෙදෙනාගේත් දීමනා 200%ට ඉහළ අගයකින් වැඩි කරන ලදි. එහි ප‍්‍රතිඵලයක් ලෙසින් පූර්ණකාලීන තේරීම් කමිටු සාමාජිකයන්ගේ වැටුපට ඉතා ආසන්න අගයක් දක්වාම තේරීම් කමිටු සභාපතිවරයාගේත්, සෙසු සාමාජිකයන් දෙදෙනාගේත් දීමනා ඉහල ගියේය.

කී‍්‍රඩා ඇමතිවරයාගේ නියෝගය වී ඇත්තේ හදිසියේ වැඩි කරන ලද මෙම දීමනා තාවකාලිකව අත්හිටුවා ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසයි.” කී‍්‍රඩා සමාජ නිලධාරීන් මා හමුවූ අවස්ථාවේදී කිව්වා අවුරුදු 5කින් විතර ඒ ඒ පළාත්වල කී‍්‍රඩා දියුණුවට මුකුත්ම කරලා නෑ කියලා.

කි‍්‍රකට් ආයතනයට මුදල් හිඟ නිසා මගේ අමාත්‍යංශයෙනුත් මිලියන 100 ක් විතර දෙන්නයි ඉන්නේ. එහෙම තත්ත්වයක් තියෙද්දී මේ ආකාරයෙන් ගෙවීම් වැඩි කිරීම ගැන මට කරුණු දැන ගන්න අවශ්‍යයයි.” යැයි කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඊයේ (22 වැනිදා) ‘ලංකාදීප’ යට පැවසීය.

තේරීම් කමිටු නිලධාරීන් තිදෙනෙකුට ගෙවීම් වැඩි කිරීමට ගත් තීරනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කි‍්‍රකට් විධායක කමිටු සාමාජිකයෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ සෙසු සේවකයන්ගේ වැටුප් සහ දීමනා සංසන්දනය කර බලන කල්හි ගෙවීම් නොලැබූ තේරීම් කමිටු නිලධාරීන්ට අසාධාරණයක් සිදුව ඇති බවත් එනිසා ඔවුන්ගේ ඉල්ලීමකින් තොරව දීමනා වැඩි කිරීමට විධායක කමිටුව තීරණය කළ බවත්ය.

”තේරීම් කමිටු නිලධාරීන් ඉස්සරට වඩා තරග නරඹනවා. වැඩි කාලයක් ඒ වෙනුවෙන් මිඩංගු කරනවා.

ඔවුන්ගේ සේවය අගය කළ යුතුයි. ඒ සඳහා කළ දිරි ගැන්වීමක් තමයි මේ දීමනා ඉහළ දැමීම.” යැයි තවත් විධායක කමිටු සාමාජිකයෙක් ‘ලංකාදීප’ යට පැවසීය.
ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් ඉදිරිපත් කරනු ලබන නම් කිහිපයක් අතරින් ජාතික තේරීම් කමිටුවට ඇතුළත් විය යුතු සාමාජිකයන් තෝරා ගනු ලබන්නේ කී‍්‍රඩා ඇමතිවරයා විසිනි.

 


අදහස් (3)

විධායක කමිටු තීරණය ඇමති අණින් නවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.