Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ලක්මාල් නවසීලන්තය අමාරුවේ දමයි

ලක්මාල් නවසීලන්තය අමාරුවේ දමයි

Nisanka Sandeepani - 2018 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සුරංග ලක්මාල්ගේ විශිෂ්ට පන්දු යැවීම නිසා නවසීලන්තය නොසිතූ අමාරුවක වැටුණ නමුත් ටිම් සවුති සහ කඩුලු රකින්නා එක්ව ක්‍රයිස්ට්චර්ච් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී සත්කාරකයන්ගේ ගෞරවය රැකගත්හ. හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 108 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට ටිම් සවුති (68) සහ බී.ජේ. වොට්ලිං (46) සමත් වූවද සවුතිගේ දැවී යාමෙන් ලකුණු 6 කට පසුව නවසීලන්ත ඉනිම ලකුණු 178 කදී අවසන් විය. 

තරගයේ ආරම්භක දිනය වූ අද (26 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 88 ක් රැස්කර සිටියේය. 

ලකුණු 266 ක් පමණක් රැස්කෙරුණු දිනයක දෙපිලේම කඩුලු 14 ක් බිඳ වැටී තිබිණ. දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් අතැතිව නවසීලන්තයට වඩා ලකුණු 90 ක් පසුපසින් සිටියේය.  

ටෙස්ට් තරග හතරකට පසුව කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම කිසිම පැකිළීමකින් තොරව පන්දු යැවීම තෝරා ගත් අතර වැඩි වේලාවක් යාමට පෙර පිතිකරුවෝ පෙරහැරක් මෙන් ආපසු ක්‍රීඩාගාරයට යන්නට වූහ. දිවා ආහාරයට පෙර නවසීලන්ත පිලට රැස්කරගත හැකිවූයේ ලකුණු 51 ක් පමණක් වූවද කඩුලු 4 ක් බිඳ වැටී තිබිණ. 

මුලු ලකුණු සංඛ්‍යාව 64 ක්ව තිබියදී හයවැනි කඩුල්ල ලෙසින් කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම් දැවී යන විට ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම අතට ගෙන සිටියේය. එහෙත් ආක්‍රමණය හොඳම ආරක්‍ෂාව යයි අදහස් කළ ටිම් සවුති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සම්පූර්ණයෙන්ම පරස්පර පිතිහරඹයක නිරත වෙමින් පන්දු 65 කදී ලකුණු 68 ක් ලබාගත්තේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් කරමිනි. 

නවසීලන්ත පිලේ ඉනිම පිළිසකර කරන්නා ලෙසින් නමක් දිනා සිටින බී.ජේ. වොට්ලිංගේ සහාය මැනවින් උපයෝගී කරගත් සවුති කඩුලු 6 කට 172 දක්වා ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූ නමුත් සවුතිගේ දැවී යාමත් නවසීලන්ත ඉනිමේ නිමාවත් අතර ගලා ආවේ ලකුණු 6 ක් පමණි. 

ආරම්භයේදීම ලකුණු 11 කට කඩුලු 4 ක් දවාගෙන සිටි සුරංග ලක්මාල් එක දිගට ඕවර 16 ක් යැවීය. දිවා ආහාරයට පෙර ඔහුගේ පන්දු යැවීම සටහන් වූයේ 12-4-18-4 ක් ලෙසිනි. නවසීලන්ත ඉනිම අවසන් වන විට ලකුණු 54 කට කඩුලු 5 ක් දවාගෙන සිටි ලක්මාල්ගේ ටෙස්ට් තරග 53 කදී කළ හොඳම පන්දු යැවීම එය විය. 

 


අදහස් (0)

ලක්මාල් නවසීලන්තය අමාරුවේ දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.