ලබන සැප්තැම්බර් 13 වැනිදා සිට ඉන්දියාවේ මොහාලි, බැංගලෝර්, හයිද්‍රාබාද් සහ රායිපූර් නගරවලදී පැවැත්වෙන වි:20 ශූරයන්ගේ ලීග් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කිරීම තමන්ගේ අභිප‍්‍රාය බව ශී‍්‍ර ලංකා වි:20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දෙනු ලැබ ඇත. මෙම තත්ත්වය මත 2014 ශූරයන්ගේ ලීග් තරගාවලියේදී ශී‍්‍ර ලංකා නියෝජනය වන ‘සදර්න් එක්ස්ප‍්‍රස්’ පිල මෙහෙයවීම සඳහා වෙනත් කී‍්‍රඩකයකු තෝරා ගත යුතුව ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මේ මස මුල් සතියේදී දේශීය කණ්ඩායම් 4 ක් තරග වැදුණු ‘සුපර් ෆෝ’ තරගාවලියේදී ශූරතාව දිනාගත්, ලසිත් මාලිංගගේ නායකත්වයෙන් තරග කළ ‘සදර්න් එස්ස්ප‍්‍රස්’ කණ්ඩායම ශුරයන්ගේ ලීග් තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිල නියෝජනය කිරීමේ අවස්ථාව හිමිකරගත්තේය. එස්. එල්. පී. එල්. තරගාවලිය කඩාකප්පල් වීම නිසා ශූරයන්ගේ ලීග් තරගාවලියට කණ්ඩායමක් තෝරා ගැනීම වෙනුවෙන්ම ‘සුපර් ෆෝ’ විස්සයි:20 කි‍්‍රකට් තරගාවලිය සංවිධානය කෙරිණ.
සදර්න් එක්ස්ප‍්‍රස් කණ්ඩායම ‘සුපර් ෆෝ’ තරගාවලියේ ශූරතාව දිනාගැනීමෙන් පසුව ශූරයන්ගේ ලීග් තරගාවලියේදී තමන් වෙනුවෙන් කී‍්‍රඩා කරන්නැ’යි මුම්බායි ඉන්දියන්ස් පිලෙන් මාලිංගට ඉල්ලීමක් කෙරුණු අතර මාලිංග ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය දැනුම්වත් කර සිටියේය. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ස්ථාවරය වූයේ එම තීරණය මාලිංග විසින්ම ගනු ලැබිය යුතු බවයි.
පසුගිය වසරේදීත් මෙවැනිම තත්ත්වයක් ඇතිවූ අවස්ථාවේදී ඉන්දියාවේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කරමින් සිටි කුමාර් සංගක්කාර එය අතහැර ශී‍්‍ර ලංකාවේ කඳුරට පිල නියෝජනය කිරීමට තීරණය කළේය. එහිදී සන්රයිසස් පිල හැරයාම නිසා සංගක්කාරට අති විශාල මූල්‍ය අලාභයක් සිදුවූ බවද නොරහසකි.
‘සුපර් ෆෝ’ තරගාවලිය සම්බන්ධයෙන් පැවැති පුවත් පත් සාකච්ඡවකදීද ලසිත් මාලිංග මාධ්‍ය නියෝජිතයන්ගෙන් විමසා සිටියේ ශුරයන්ගේ ලීග් තරගාවලියේදී තමන් තෝරාගන්නේ කුමන කණ්ඩායමද යන්න පිළිබඳව කිසිවකු ප‍්‍රශ්න නොකරන්නේ ඇයිද කියායි. එහෙත් ඒ වන විටත් අවසන් තරගය පවත්වා නොතිබුණ හෙයින් මාලිංගගෙන් එවන් ප‍්‍රශ්නයක් ඇසීමට මාධ්‍යවේදීහු ඉදිරිපත් නොවූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.