Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාවේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් අති විශිෂ්ට මෙහෙවරක යෙදුණු මහේල ජයවර්ධන ටෙස්ට් පිටියෙන් සමුගැනීමේ අවස්ථාවේදී ඔහුට තම කී‍්‍රඩා සමාජ පිටියේදීම සමුගැනීමේ අවස්ථාව දීම සඳහා ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබේ.
මෙම ටෙස්ට් තරගය අගෝස්තු මස 14 වැනිදා සිට 18 වැනිදා දක්වා කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණ නමුත් පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලයේ කැමැත්තද ඇතිව තරගය කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වීමට තීරණය කර තිබේ.
වසර 137 ක ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේදී කිසියම් පිතිකරුවකු විසින් තනි කී‍්‍රඩාංගණයකදී ලබාගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාව සඳහා වන ලෝක වාර්තාවද හිමිකරගෙන සිටින මහේල ජයවර්ධන එම වාර්තාව වෙනුවෙන් එස්. එස්. සී. පිටියේදී තරග 25 කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 2698 කි.
ශී‍්‍ර ලංකාවේ විශිෂ්ටතම ටෙස්ට් කී‍්‍රඩකයන් වූ අර්ජුන රණතුංග සහ චමින්ද වාස් දෙදෙනාත් සිය සමුගැනීමේ ටෙස්ට් තරගයන්ට සහභාගි වූයේ එස්. එස්. සී. පිටියේදීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.