Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු වන මහේල ජයවර්ධන ගාල්ල ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී සහභාගි වන අවසන් ටෙස්ට් තරගය මෙය වීම නිසා අද (06) පෙරවරුවේ තරගය ආරම්භ වීමට පෙර මහේල වෙනුවෙන් විශේෂ ඇගයීමක් පැවැත්විණි.
මහේල පන්දු රැකීම සදහා පිටියට පිටිසියේ 50 කට අධික පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ උත්තමාචාරය මධ්‍යයේය. එම අවස්ථාවේදී මහේල එම ක‍්‍රීඩකයන්ට සහ ක‍්‍රීඩාංගණයට රැස්ව සිටි පේ‍්‍රක්‍ෂකයන්ට ප‍්‍රතිචාර දැක්වීම කැපී පෙනුණි. අනතුරුව ඔහු පිටුපසින් ක‍්‍රීඩාංගණයට පිවිසි සෙසු ක‍්‍රීඩකයෝ සිප වැළද ගනිමින් මහේලට සුබ පැතූහ.
මහේල ජයවර්ධනගේ ක‍්‍රිකට් දිවියේ විශේෂ අවස්ථා සදහන් කරමින් ගාල්ල ක‍්‍රීඩාංගණය වටා විශාල පුවරු ස්ථානගත කර තිබුණි. ‘මහේල ආයුබෝවන් ! වාසනාවන් !’ ලෙස එක පුවරුවක සටහන්ව තිබූ අතර මහේල ගාල්ල ක‍්‍රීඩාංගණයේ රැස්කළ ඉහළතම ලකුණු සංඛ්‍යාව වන 2004 වසරේ දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලැබූ ලකුණු 237 ද එක පුවරුවක සදහන්ව තිබුණි.
තවද මහේල ජයවර්ධන පිතිහරඹයේ යෙදෙන ඉරියව් සහිත විශාල ප‍්‍රමාණයේ රූප ගාලූ කොටු පවුරේ ස්ථානගත කර තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.