Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මම දෙවියන්ට යාඥා කළා - මැතිව්ස්

මම දෙවියන්ට යාඥා කළා - මැතිව්ස්

ශනුක අරවින්ද - 2014 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 19 Comment
A A A

පාකිස්තානයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (10) අවසන් වූ පළමු තරගයෙන් ජයග‍්‍රහණයට කිරීමට අවස්ථාව ලැබේවා යැයි තමන් යාඥා කරමින් සිටි බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

මෙම තරගයෙන් ශ‍්‍රී ලංකා පිල කඩුලූ 7 ක විශිෂ්ට ජයක් ලැබීමට සමත් විය. එම මාධ්‍ය හමුවේදී ඇන්ජලෝ මැතිව්ස් වැඩි දුරටත් මෙසේ පැවසීය.  

”විනිසුරුවන් මට කිව්වා මේක තමයි අවසන්  ඕවරය, මෙතනින් එහාට ක‍්‍රීඩා කරන්න බෑ ආලෝක තත්ත්වය අයහපත් කියලා. ඉතින් මම යාඥා කර කර හිටියේ මුඵ වෙලාවෙම අපිට ගහන්න ලැබෙන්න කියලා”

”අපිව නවත්වන්න තිබුණ එකම දේ තමයි වැස්ස හෝ අයහපත් ආලෝකය.

ආලෝක තත්ත්වය එන්න එන්නම නරක අතට හැරුණා. මම හිතන්නේ අපිට වාසනාව තිබුණා. මම අන්තිම ලකුණු ගැහුවත් සමග වර්ෂාව ඇද හැලූණා. හැමදේම හොදට වුණා, දෙවියන්ටත් ස්තූතිවන්ත වෙනවා”

”අද පෙරවරුවේ ජයග‍්‍රහණය පිළිබ`දව බලාපොරොත්තුවක් තියාගෙන ආවේ. අපි ආවේ අවසන් පන්දුව දක්වා සටන් කරන්නයි. අවසන් ටෙස්ට් තරග පහම එක දවසකදී වෙනස් කළා. පාකිස්තානු කණ්ඩායමත් සටන්කාමී කණ්ඩායමක්, තණතීරුව එතරම් දග කැවුණේ නෑ. අපේ ලෝක පූජිත පන්දු යවන්නා රංගන හේරත් පිළිබදව විශ්වාසයක් තිබුණා”

පාකිස්තානු පිලේ බිද වැටුණු කඩුලූ 20 න් කඩුලූ 16 ක්ම දග පන්දු යවන්නන් වන රංගන සහ ඩිල්රුවන් දවා ගැනීම පිළිබ`දව මැතිව්ස් මෙසේ අදහස් දැක්වීය.

”ගාල්ලේදීම 2011 වසරේ පාකිස්තානුවන් ලකුණු 150 ක් හඹායන විට රංගන සහ තිළිණ තුෂාර එකතු වෙලා කඩුලූ ලබාගත්තා. රංගන හේරත් කියන්නේ අපේ ඉදිරියෙන්ම සිටින පන්දු යවන්නා, ඔහු පසුගිය තරග තුනට  ඕවර 250 ක් පමණ පන්දු යවලා තියෙනවා, ඔහු දණහිස් දෙකත් සමග පුදුම සේවයක් කරනවා”

”ඩිල්රුවන් ඉතාමත් හොදට පන්දු යැව්වා. මම හිතන්නේ පළමු ඉනිමේදී ඔහු පන්දු යැව්වේ තණතිල්ල පිතිකරුවන්ට හොද අවස්ථාවේදීයි. නමුත් දෙවැනි ඉනිමේදී ඩිල්රුවන් ඊට වඩා හොදින් පන්දු යවමින් රංගනට හොද සහයෝයක් ලබා දුන්නා.

ඒ වගේම ධම්මික සහ ශාමින්ද යුගළත් අමතක කරන්න බෑ, ඔවුන් දෙන්නත් හොදින් පන්දු යවමින් පීඩනය පවත්වාගත්තා”

මෙම තරගයෙන් ජය ලැබීම ටෙස්ට් පිටියෙන් සමුගන්නා මහේලට ත්‍යාගයක්ද යන ප‍්‍රශ්නයට මැතිව්ස් මෙසේ පැවසීය.

”ක‍්‍රීඩාංගණයේදී සහ එළියෙදී නායකයකු වගේම ක‍්‍රීඩකයකු ලෙසත් ඔහු කණ්ඩායමට ලොකු සේවයක් කළා. මහේලගේ ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩාංගණය වන එස්.එස්.සී. ක‍්‍රීඩාංණයේ ඊළග තරගය පැවැත්වෙන්නේ, ඒ තරගයත් ජයග‍්‍රහණය කර මේ තරගාවලිය ජයග‍්‍රහණයෙන් අවසන් කිරීම තමයි මම හිතන්නේ අපිට දෙනන් පුඵවන් උපරිම ත්‍යාගය”

”අපි පසුගිය තරග ගත්තේතොත් මහේල සහ සංගක්කාර තමයි ලකුණු අතර සිටියේ. පිතිකරු අංශයේ අපේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් දෙන්නා ගියාම අපිට සෑහෙන්න අමාරු වෙයි. ඒ දෙපළ සමුගන්න විට සෙසු අය අවස්ථාවන් ප‍්‍රයෝජනය ගතයුතුයි. නැත්නැම් අපිට ඉදිරියට යන්න ටිකක් අමාරු වෙනවා”

මෙම තරගයේදී ශ‍්‍රී ලංකා පිලට විනිසුරු තීරණ නැවත විමසීමේ ක‍්‍රමවේදය (ඞී.ආර්.එස්.) ගොඩක් ප‍්‍රයෝජන වුණත් ඇතැම් තාක්‍ෂණය නොමැතිව ලැබෙන එම සේවය පිළිබදව මැතිව්ස් මෙසේ අදහස් දැක්වීය.

”මට විශ්වාසයක් නෑ, හෝක් අයි, ස්නිකෝ සහ හොස් පොට් වැනි අවශ්‍ය තාක්‍ෂණය නොමැතිව ඞී.ආර්.එස්. වලින් උපරිම සේවය ලැබෙනවා කියලා. මම හිතන්නේ ඉතාමත් හොද තීරණයක් දෙන්න සියලූම අංශවලින් පරීක්‍ෂා කර බලන්න  ඕනේ. ඒ සියලූම තාක්‍ෂණය ලැබෙනකන් උපරිම සේවය ලැබෙනවා යැයි කියන්න බෑ”

 


අදහස් (19)

මම දෙවියන්ට යාඥා කළා - මැතිව්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.