
මේ මස අවසන් සතියේද ආරම්භ වීමට නියමිත ශී‍්‍ර ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය සඳහා සහභාගි වන්නේද නැද්ද යන්න පිළිබඳව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අද (10 වැනිදා) සවස වන තුරුත් ස්ථිර කර නොතිබූ බව දැනගන්නට තිබේ.
බංග්ලාදේශයේ මේ දිනවල පවතින දේශපාලන උණුසුම සහ කලබලකාරී කි‍්‍රයා හේතුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ආරක්‍ෂාව පිළිබඳව ඉතා විශාල වශයෙන් උනන්දු වෙයි.
ඒ සම්බන්ධයෙන් බංග්ලාදේශයේ සිටින ශී‍්‍ර ලංකා තානාපතිවරයාගෙන් කළ විමසීමකදී තරගාවලියට සහභාගි වීම සම්බන්ධයෙන් සුබවාදී ප‍්‍රතිචාරයක් ලැබී ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා කෙළිමඬලට පැවසීය.
”කොහොම වුණත් බංග්ලාදේශයේ ආරක්‍ෂක තත්ත්වය විමසා බැලීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් උප සභාපතිවරයකු වන මොහාන් ද සිල්වා මහතාත් හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී අජිත් ජයසේකර මහතාත් අද රාති‍්‍රයේ බංග්ලාදේශයට යනවා”
”අජිත් ජයසේකර මහතා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ හිටපු උසස්ම නිලධාරියකු නිසා ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඒ මහතාට හොඳ වැටහීමක් තිබෙනවා” යයිද ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
අජිත් ජයසේකර මහතා සහ මොහාන් ද සිල්වා මහතා සිය සංචාරය නිමවා මේ මස 13 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිත අතර අනතුරුව කි‍්‍රකට් තරගාවලියක් සඳහා බංග්ලාදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් සපයනු ඇත.
එම වාර්තාව සැලකිල්ලට ගනිමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම බංග්ලාදේශ සංචාරයට සහභාගි වන්නේද නැද්ද යන්න පිළිබඳව ස්ථිර තීරණයක් මේ මස 15 වැනිදා ගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානමින් සිටී.
ඩුබායිහි පිහිටි අන්තර්ජාතික කි‍්‍රකට් මූලස්ථානයේදී ඊයේ (9 වැනිදා) පැවැති අන්තර්ජාතික කි‍්‍රකට් සභා රැස්වීමට සහභාගි වූ ශී‍්‍ර ලංකා සහ බංග්ලාදේශ කි‍්‍රකට් නිලධාරීන් මෙම තරගාවලිය සම්බන්ධයෙන් එකගතාවකට පැමිණීමට බලාපොරොත්තු වුවද කී‍්‍රඩකයන්ගේ ආරක්‍ෂාව පිළිබඳව ස්ථිර සහතිකයක් ලැබෙන තුරු එය කල් දමන ලදි.
”අපේ ප‍්‍රධාන කාරණය කී‍්‍රඩකයන්ගේ ආරක්‍ෂාවයි. ඒත් බංග්ලාදේශ රජය සමග සාකච්ඡ කිරීමෙන් පසුව කී‍්‍රඩකයන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් වගකීමක් දෙන්න බංග්ලාදේශ කි‍්‍රකට් බලධාරීන් එකග වුණා.” යයිද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා ඩුබායි රැස්වීමට යාමට කලින් කෙළිමඬලට පැවසීය.
”ශී‍්‍ර ලංකාවේත් ප‍්‍රශ්න තිබුණා. පාකිස්තානයේත් තිබුණා ඉන්දියාවේත් තිබුණා. ඒත් කි‍්‍රකට් ගැහැව්වා...”
”කොහොම වුණත් කී‍්‍රඩකයන්ගේ ආරක්‍ෂාව සම්බන්ධ කාරණයේදී අපි බංග්ලාදේශ කි‍්‍රකට් බලධාරීන්ටත් වගකීමක් දෙන්න ඕනා. කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට මිනිස්සු ආදරෙයි කියලා හිතුවට පාකිස්තානයේදි අපේ කී‍්‍රඩකයන්ට හානියක් කරයි කියලා කවුරුවත් හිතුවෙ නෑ” යයිද නිශාන්ත රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉදිරියේදී ඇති තරගාවලි සියල්ලම සැලකිල්ලට ගැනීමේදී මේ මස 27 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ සංචාරයට සහභාගි වීම හෝ අතහැර දැමීම මිස එය කල්දැමීමේ අවස්ථාවක් නැතැයිද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ තවත් නිලධාරියෙක් පැවසීය.
මෙම තරගාවලිය ටෙස්ට් තරග 2 කින්, එක්දින තරග 3 කින් සහ වි:20 තරග දෙකකින් සමන්විතය. යම් හෙයකින් තරගාවලිය අතහැර දැමීමට සිදුවුවහොත් පාකිස්තානු තරගාවලියෙන් අනතුරුව ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වසරේදී සහභාගි වීමට නියමිත ටෙස්ට් තරග 4 න් දෙකක්ම අහිමි වනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.