Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බිනුර - දිමුත් ටෙස්ට් සංචිතයට කැඳවති

බිනුර - දිමුත් ටෙස්ට් සංචිතයට කැඳවති

දිලිනි මල්රුක්ෂි - 2014 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු පිලට එරෙහිව අනිද්දා (14) කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයට සහභාගි වන 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට 19 හැවිරිදි වමතින් වේග පන්දු යවන බිනුර ප‍්‍රනාන්දු කැදවා තිබේ. පළමු තරගයේදී ස්ථානය අහිමිවූ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ද නැවතත් සංචිතයට කැදවා තිබේ.

ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ ක‍්‍රිකට් පිල නියෝජනය කරමින් යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ බිනුර එහිදී තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත් විය. බිනුර, කොළඹ ඞී. එස්. සේනානායක විදුහලේ ශිෂ්‍යයෙකි.

පළමු තරගයට ක‍්‍රීඩා කළ ශාමින්ද එරංග මේ වන විට ආබාධයකට ලක්ව සිටින අතර ඔහුගේ ශාරීරික යෝග්‍යතාව මත මෙම තරගයට සහභාගි වීම තීරණය වන බව තේරීම් කමිටුව පවසයි.

සංචිතයට ඇතුළත්ව සිටි නුවන් ප‍්‍රදීප් ආබාධයකට ලක්ව සිටින අතර චතුරංග කුමාර සංචිතයෙන් ඉවත් කර තිබේ.

ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), කෞෂාල් සිල්වා, උපුල් තරංග, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, කිත්රුවන් විතානගේ, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, ශාමින්ද එරංග, චානක වෙලගෙදර, ධම්මික ප‍්‍රසාද්, දිමුත් කරුණාරත්න සහ බිනුර ප‍්‍රනාන්දු


අදහස් (0)

බිනුර - දිමුත් ටෙස්ට් සංචිතයට කැඳවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.