Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පුහුණුකරු තෝරාගැනීම විශේෂ කමිටුවට පවරයි

පුහුණුකරු තෝරාගැනීම විශේෂ කමිටුවට පවරයි

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට පුහුණුකරුවකු තෝරා ගැනීම සඳහා පළකරන ලද දැන්වීමට අයැදුම්පත් 12 ක් පමණ ලැබී ඇතත් එම අයැදුම්පත් සම්බන්ධයෙන් ඉහළ පෙළේ කි‍්‍රකට් නිලධාරීන් සෑහීමට පත්වී නැතැයි වාර්තා වේ. එබැවින් ශී‍්‍ර ලංකා කණ්ඩායමට පුහුණුකරුවකු තෝරා ගැනීමේ භාරදූර කාර්යය, ඒ සම්බන්ධයෙන් දැනටමත් කටයුතු  කරන විශේෂ කමිටුවට පවරා ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටු සාමාජිකයෙක් පැවසීය.

ශී‍්‍ර ලාංකිකයන් වන මාවන් අතපත්තු, රොමේෂ් කළුවිතාරණ සහ රුවන් කල්පගේ යන මහත්වරු සහ විදේශීය පුහුණුකරුවෝ 9 දෙනෙක් මෙම තනතුරට ඉල්ලූම් කළහ. එහෙත් ශී‍්‍ර ලංකා පිලේ පුහුණුකරු තනතුරට විදේශිකයකු පත්කිරීමේ උවමනාවත්, ඒ සඳහා බලාපොරොත්තු වූ තරම් ඉහළ මට්ටමේ විදෙස් පුහුණුකරුවකුගෙන් අයැදුම්පත් නොලැබීමත් නිසා පුහුණුකරුවකු සොයා යාමේ වගකීම රංජිත් ප‍්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවකට පවරා තිබේ.

සනත් ජයසූරිය, ජෙරම් ජයරත්න, නිශාන්ත රණතුංග, නුස්කි මොහොමඞ්, ඈෂ්ලි ද සිල්වා සහ මොහාන් ද සිල්වා යන මහත්වරු මෙම කමිටුවට ඇතුළත් වෙති. මේ වන විටත්  ඕස්ටේ‍්‍රලියාවේ සිටින මොහාන් ද සිල්වා මහතාගේ විශේෂ නියෝජිතයකු  ඕස්ටේ‍්‍රලියාවේ දී හිටපු  ඕස්ටේ‍්‍රලියානු නායක ග්‍රෙග් චැපල් මහතා හමුවී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර බාරගැනීමට කැමැත්තේද යන්න විමසා සිටියේද එබැවිනි.

මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ අයැදුම්පත් එවූ පුහුණුකරුවන් කිහිපදෙනකු මේ වන විටත් ලයිස්තු ගතකර ඇති නමුත් ඔවුන් කවුරුන්ද යන්න හෙළිකළ නොහැකි බවයි.

”ඒ අය අතුරින් කිහිප දෙනෙක් මේ වෙනකොටත් වෙනත් රටවල කණඩායම් සමග කටයුතු කරනවා. ඒ නිසා ඔවුන්ගේ නම් හෙළිකරන්න බෑ” යයි ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.


අදහස් (1)

පුහුණුකරු තෝරාගැනීම විශේෂ කමිටුවට පවරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.