Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පාකිස්තානුවන්ගේ කඩුලූ දවාගැනීම පහසුයි - හේරත්

පාකිස්තානුවන්ගේ කඩුලූ දවාගැනීම පහසුයි - හේරත්

ශනුක අරවින්ද - 2014 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

සෙසු රටවල්වල පිතිකරුවන්නට වඩා පාකිස්තානු පිතිකරුවන් දවා ගැනීමේ හැකියාව තමන්ට ඇති බව තමන් විශ්වාස කරන බව ගාල්ලේදී ඊයේ (10) අවසන් වූ පළමු ටෙස්ට් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබූ ශ‍්‍රී ලංකා පා දග පන්දු යවන ක‍්‍රීඩක රංගන හේරත් තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

රංගන මෙම තරගයේ පළමු ඉනිමේදී ලකුණු 116 ට කඩුලූ 3 ක් ද, දෙවැනි ඉනිමේදී ලකුණු 48 කට කඩුලූ 6 ක් ද, සමගින් ලකුණු 164 කඩුලූ 9 ක් දවා ගැනීමට සමත් විය.

ශ‍්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම දග පන්දු යවන්නා වන රංගන මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් මෙසේ පැවසීය.

”මම පාකිස්තානයට හෝ වෙනත්  ඕනෑම රටකට එරෙහිව හොදට පන්දු යවන්න තමයි උත්සහ කරන්නේ. පාකිස්තානයට එරෙහිව ක‍්‍රීඩා කරන විට මට විශ්වාසයක්  තියෙනවා කඩුලූ ලබා ගන්න පුඵවන් කියලා. මම පාකිස්තනයට එරෙහිව කඩුලූ 70 කට වඩා දවාගෙන තිබෙනවා. වෙනත් රටවල් සමග සංසන්දනය කරන විට මට පාකිස්තානු කඩුලූ ලබාගත හැකි යන විශ්වාසයක් තියෙනවා”

ඔහුගේ සහයක දග පන්දු යවන්නා වන ඩිල්රුවන් පෙරේරාගෙන් ලැබෙන සහයෝග පිළිබදව රංගන මෙසේ පැවසීය.

”සම්බන්ධතාවක් තිබියදී පන්දු යැවීමට පහසුයි, විශේෂයෙන්ම එය කිවයුතුයි. ඩිල්රුවන්ගෙන් ලැබෙන සහයෝගය නිසා තමයි මට පන්දු යවන්න පහසු වෙන්නේ, මම හිතනවා ඒක ඩිල්රුවන්නටත් මගෙන් ලැබෙනවා කියලා, එවිට පීඩනය වැඩි කරන්න පුඵවන්’‘

 


අදහස් (4)

පාකිස්තානුවන්ගේ කඩුලූ දවාගැනීම පහසුයි - හේරත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.