Last Update  :  2025-08-25 20:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නවසීලන්තය එක්දින තරගාවලිය සමකරයි

නවසීලන්තය එක්දින තරගාවලිය සමකරයි

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


එංගලන්තය සහ නවසීලන්තය අතර කෙනිංග්ටන්  ඕවල් ක‍්‍රීඩාංණයේ පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනූව ලකුණු 13 ක තියුණු ජයක් ලැබීමට නවසීලන්ත පිල ඊයේ (12 ද) සමත් විය. ඒ අනූව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය දෙපිලම එක් තරගය බැගින් ජය ලබා සම තත්ත්වයේ පසුවේ. මෙම ජයග‍්‍රහණය නවසීලන්තය එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ ලද 300 වැනි ජයග‍්‍රහණය ලෙසින්ද වාර්තා වේ.

එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පිටුපසින් සිට දෙවැනි තරගයට අවතීර්ණ වූ නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමේ වාරය තම කණ්ඩායම සතු කර ගත්තේය.

පළමු තරගයේදී ලකුණු 408 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් එංගලන්තය ලබා ගැනීම හේතුවෙන් සැලසුම් සහගතව ප‍්‍රවේගකාරි පිති හරඹයක නිරත වූූ නවසීලන්ත පිතිකරුවෝ ඕවර 50 අවසානයේ කඩුලූ පහකට ලකුණු 398 ක් ලබා ගැනීමට සමත් වුහ.

පිතිකරුවන්ට වැඩි වාසියක් ගෙන දුන්  ඕවල් ක‍්‍රීඩාංගණයේදී දෙපිලම  ඕවර 96 කදී කඩුලූ 14 ක් පමණක් දැවී ලකුණු 763 ක් ලබා ගැනීම නරඹන්නන්ට මහත් ආශ්වාදයක් විය.  එම සමස්ත ලකුණු සංඛ්‍යාව එංගලන්ත පිල සහභාගි වූ එක්දින තරගයකදී කණ්ඩායම් දෙකම ලබා ගත් වැඩිම මුලූ ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා වේ.

එංගලන්ත ඉනිම අතරතුරදී ඇද හැළුනු වර්ෂාව හේතුවෙන් මිනිත්තු 50 ක් තරගය පැවැත්වීමට නොහැකි වීමෙන් ඕවර හතරක් පමණක් තරගයට අහිමි වූ අතර එහිදී එංගලන්තයට ජයග‍්‍රහණය සඳහා  ඕවර 46 කදී ලකුණු 378 ක ඉලක්කයක් හිමි විය. නමුත් ඔවුන්ට ලබා ගත හැකිවූයේ ලකුණු 365 ක් පමණි.

නවසීලන්ත ඉනිමට වේගවත් ආරම්භයක් දුන් මාටින් ගප්ටිල් සහ බ්‍රෙන්ඩන් මැකලම් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ලකුණු 61 ක සබඳතාවක් වාර්තා කළහ. එහිදී පන්දු 22 කදී හතරේ පහර පහක් සහ හයේ පහර දෙකක් සමග ලකුණු 39 ක් ලබා සිටි නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. අනතුරුව මාටින් ගප්ටිල් සිය 17 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමෙන් අනතුරුව බෙන් ස්ටෝක්ස්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට පන්දු 54 කදී හයේ පහරක් සහ හතරේ පහර හයක් සමග ලකුණු 50 ක් ලබා සිටියේය.

නවසීලන්ත ජයග‍්‍රහණය වෙනුවෙන් සාර්ථක කඩුලූ සබඳතාවක් පිහිටවූ රෝස් ටේලර් (119) සහ කේන් විලියම්සන් (93) තෙවැනි කඩුල්ල සඳහා පන්දු 106 කදී ලකුණු 121 ක සබඳතාවක් පිහිටුවීමට සමත් විය. එහිදී සිය 13 වැනි එක්දින ශතකය වාර්තා කරමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත් රෝස් ටේලර් මිනිත්තු 146 ක් පුරා නොදැවී සිටිමින් පන්දු 96 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර හතරක් සමග ලකුණු 119 ක් ලබා ගත්තේය.

මිනිත්තු 121 ක් පුරා කඩුල්ලේ රැදී සිටිමින් පන්දු 88 කට මුහුණදී හතරේ පහර 12 ක් සහ හයේ පහරක් සමග ලකුණු 93 ක් ලබා ගැනීමට කේන් විලියම්සන් සමත් විය. එක්දින තරග 17 කට පසුව විලියම්සන් වාර්තා කළ පළමු අර්ධ ශතකයද මෙය වේ.

එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ජේසන් රෝයි සහ ඇලෙක්ස් හේල්ස් පන්දු 75 කදී 85 ක් එක් කිරීමට සමත් වූහ. එහිදී අර්ධ ශතකයක් වාර්තා කළ ඇලෙක්ස් හේල්ස් පන්දු 49 කදී හතරේ පහර හයක් සහ හයේ පහර තුනක් සමග ලකුණු 54 ක් ලබා ගැනීමට සමත් විය.

එංගලන්ත ඉනිමේ කැපී පෙනෙනම පිති හරඹය දියත් කළ නායක ඔයින් මෝර්ගන් පන්දු 47 කදී වේගවත් ලකුණු 88 ක් ලබා ගත්තේය. එම ඉනිම සඳහා හයේ පහර හයක් සහ හතරේ පහර හයක් එල්ල කිරීමට මෝර්ගන් සමත් විය.

දෙරට අතර පැවැත්වෙන තුන්වැනි එක්දින තරගය හෙට (14 දා) පැවැත්වීමට නියමිතය.


නවසීලන්තය  ඕවර50 කදී කඩුලූ 5 ට ලකුණු 398 යි.
(මාටින් ගප්ටිල් 50, බ්‍රෙන්ඩන් මැකලම් 39, කේන් විලියම්සන් 93, රෝස් ටේලර් නොවැදී 119, ග‍්‍රාන්ට් එලියට්  32, ලූක් රොන්කි 33, බෙන් ස්ටෝක්ස් 66/2,  ස්ටීවන් ෆින් 69/1 යි.)

එංගලන්තය  ඕවර46 කදී කඩුලූ 9 ට ලකුණු 365 යි.
(ජේසන් රෝයි 39, ඇලෙක්ස් හේල්ස් 54, ඔයින් මෝර්ගන් 88, බෙන් ස්ටෝක්ස් 28, ජොස් බට්ලර් 41, අදිල් රෂීඞ් 34, ලයාම් ප්ලන්කට් 44, ටේ‍්‍රන්ට් බෝල්ට් 53/2, මිචෙල් මැක්ලෙනගන් 61/2, නේදන් මැකලම් 86/3, මිචෙල් සැනට්නර් 73/2 යි.)


- 033


අදහස් (0)

නවසීලන්තය එක්දින තරගාවලිය සමකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.