Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 421 ක් සෑහෙන ලකුණු සංඛ්‍යාවක් වන නමුත් දුවද්දී දැවීයාම් දෙක සිදු නොවුණා නම් මීට වඩා ලකුණු සංඛ්‍යාවක් ලබාගත හැකිව තිබූ බව මහේල ජයවර්ධන පවසයි.
ශී‍්‍ර ලංකා ලකුණු පුවරුව කඩුලූ 5 කට 385 ක් ව තිබියදී මහේල ජයවර්ධන දුවද්දී දැවී ගිය අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඉතිරි කඩුලූ 4 ම තවත් ලකුණු 36 ක් ඇතුළතදී බිඳ වැටීමෙන් ශී‍්‍ර ලංකා ඉනිම ලකුණු 421 කට සීමා විය. සිය මංගල ටෙස්ට් තරගයේදී අගනා ලකුණු 72 ක් ලබාගත් 21 හැවිරිදි නිරෝෂන් දික්වැල්ලද ඒ අතරවාරයේදී දුවද්දී දැවී ගියේය.
”මේක පන්දුවට පහර දෙන්න පහසු තණතීරුවක් නෙමේ. එය එන්න එන්නම මන්දගාමී වෙනවා. ඒ නිසා අපේ ග‍්‍රහණය ළිහිල් නොකර, එන්න එන්නම ඔවුන් වෙත පීඩනය වැඩි කළ යුතුයි. කඩුලූ දවාගැනීමේ අවස්ථා වැඩි වැඩියෙන් නිර්මාණය කරගත යුතුයි”
”මේ තරගයේ තවත් දින තුනක් තියෙනවා. ඒ දවස් තුනේදී අපට කිසියම් වාසිදායක තත්ත්වයක් ගොඩන`ගාගත හැකිවේවි යයි හිතනවා” යයි එස්. එස්. සී. පිටියේදී අති විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් චිත්තාකර්ශනීය ලකුණු 165 ක් ලබාගත් ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයා පැවසීය.
මහේල ජයවර්ධන මේ වනවිට එස්. එස්. සී. පිටියේදී සහභාවූ තරග 26 කදී ලකුණු 2863 ක් ලබා සිටී.
කෙසේ වෙතත් වසර 21 කින් මෙපිට ශී‍්‍ර ලංකාවේදී දකුණු අපි‍්‍රකානුවන් හමුවේ ටෙස්ට් තරගාවලියක් පරාජය නොවීමේ වාර්තාව රැුකගැනීම තමන් ඇතුළු කණ්ඩායමේ එකම උත්සාහය බවද මහේල වැඩිදුරටත් පැවසීය.
එස්. එස්. සී. පිටියේදී ටෙස්ට් වරම් දිනාගත් ශී‍්‍ර ලංකා ටෙස්ට් කණ්ඩායමේ නවතම කී‍්‍රඩකයා වන නිරෝෂන් දික්වැල්ල පිළිබඳව මහේල මහත් ප‍්‍රසාදයෙන් යුතුව කතාකරයි.
”ගිය අවුරුද්දේ මම එයාත් එක්ක තරගයකට සහභාගි වුණා. එයා හිටියේ අනෙක් පිලේ. ලකුණු 40 ක් විතර ගැහැව්වා.... ඔහු සෑහෙන තරමේ තැන්පත් බවක් තියෙන කී‍්‍රඩකයෙක් බව පෙනෙනවා වගේම ඔහුගේ සමත්කම් මොනවාද දුර්වලකම් මොනවාද කියාත් අවබෝධ කරගෙන සිටින කෙනෙක්”
”ඔහු මේ (දකුණු අපි‍්‍රකානු) පන්දු යැවීමේ බල ඇණියත් එක්ක ගනුදෙනු කළ ආකාරය ඉතාමත් හොඳයි. ඔහු ඉතාමත් හොඳ පරිණත බවක් පෙන්නූවා. ඔහු එය දිගටම ගෙන යා යුතුයි. පසුගිය අවුරුදු දෙකක කාලයේදී ඔහු ඉතාමත් හොඳ දියුණුවක් ලබා තිබෙන බවකුත් පෙනෙන්න තියෙනවා” යයිද නිරෝෂන් දික්වැල්ල සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක් එක්කළ මහේල පැවසීය.
යොවුන් කී‍්‍රඩකයකු වන බැවින් අවස්ථා කිහිපයකදීම මුරණ්ඩු පහර කිහිපයක් ගැසීමට දික්වැල්ල උත්සාහ කළද ඒ සෑම අවස්ථාවකදීම ඔහු වෙත පැමිණි මහේල, තරුණයාට අවවාද කරමින් ඔහුගේ කඩුල්ල රැුකගනිමින් ලකුණු ලබාගැනීමට උපදෙස් දුන්නේය.
”පාසලේ සිටියාට වඩා ඔහු දැන් දියුණුයි. ජාතික කණ්ඩායමට අවශ්‍ය වන්නේත් ඒ වගේ යහපත් ආකල්ප තියෙන කී‍්‍රඩකයන් තමයි”
ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් අයර්ලන්තයේ තරග කරමින් සිටියදී හදිසියේම ශී‍්‍ර ලංකාවට එන්නයි කැඳවීමක් ලද නිරෝෂන් දික්වැල්ල මෙම ටෙස්ට් තරගය සඳහා යොදා ගැනීමට තේරීම් කමිටු නිලධාරීන් තීරණය කළේ අවසන් මොහොතේදීය.
”ඔහුට තමන්ගේ මංගල ටෙස්ට් තරගය ගැන හිතන්නවත් කාලයක් ලැබුණේ නෑ. ඒකෙන්ම එයාගේ තරම තේරුම් ගන්න පුළුවන්”
”ඔහු ඊයේ පිටියට ආවේ තරගය නිමා වෙන්න ඕවර 10 ක් 12 ක් තිබියදීයි. ඊයේ සවස තරගය නතර කරන තුරුත් කඩුල්ල රැකගත් ඔහු අද උදේත් තමන්ගේ කාර්යය ඉතාමත් හොඳින් කළා. ඒ වගේම තමන්ගේ පහර කරා යන්නත් බිය වුණේ නෑ...ඔහු තමන්ව පාලනය කරගෙන තරග කළ ආකාරය ගැන නම් ඉතාමත් සතුටුයි” යයිද මහේල ජයවර්ධන තරගයෙන් අනතුරුව අද සවස පැවැති පුවත් පත් සාකච්ඡුාවේදී පැවසීය.
කෙසේ වෙතත් මම තණතීරුව එන්න එන්නම මන්දගාමී වන බවත් එහි ලකුණු ලබාගැනීම ඉතාමත් අසීරු විය හැකි බවත් පවසන මහේල දග පන්දු යවන්නන් තිදෙනාගෙන් ප‍්‍රයෝජන ලබාගත හැකි වේයයි අපේක්‍ෂා කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.