Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩේල් ස්ටේන් පිටියෙන් ඉවත් කරමින් 8 වැනි කඩුල්ලත් ලකුණු 148 දී බිම දමාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීම සඳහා කාලය සමග සටනක නිරත වූවද අවසන් පන්දුව දක්වාම තම සටන අත නොහැර සිටි දකුණු අප්‍රිකානුවෝ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගත්හ.
මෙම තරගය පරාජයෙන් බේරා ගැනීමත් සමගම තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0 ක් ලෙසින් ජයගැනීමටද සංචාරක පිල සමත් විය.
තරගය අවසන් වන විට දකුණු අප්‍රිකානු පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 159 ක් ලබා සිටියේය. ඔවුන්ගේ ඉලක්කය වූයේ ලකුණු 369 ක් වුවද දෙවැනි ඉනිම ආරම්භයේ සිටම ඉලක්කය කරා යාම දකුණු අප්‍රිකානුවෝ අතහැර දැමූහ.
තරගයේ අවසන් ඕවර දෙකේදී ඉම්රාන් තහීර් ශාරීරික අපහසුතා පෙන්වමින් කාලය නාස්ති කිරීමේ උත්සාහකය නිරත වීම නරඹන්නන්ගේ හාස්‍යයට ලක්විය. කෙසේ වෙතත් මෙම තරගයේ අවසන් දිනය වූ අද (28 වැනිදා) තුන් වතාවක්ම වර්ෂාවෙන් බාධා පැමිණියේය.
ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා ගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ රංගන හේරත් (45-30-40-5) සහ ඩිල්රුවන් පෙරේරා (44-24-60-3) දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිමේදී බිඳ වැටුණු කඩුලු 8 ම බෙදා ගත් නමුත් ඕවර 13 ක් යැවූ අජන්ත මෙන්ඩිස්ට එකම කඩුල්ලක් හෝ දවාගැනීමට නොහැකි විය.
මහේල ජයවර්ධනට 200 වැනි ටෙස්ට් උඩපන්දුව තිළිණ කරමින් හසිම් අම්ලා සහ ෆෆ් ඩු ප්ලෙසී දැවී යද්දී දකුණු අප්‍රිකානු පිල පරාජයෙන් බේරා ගැනීමේ බර ජේ. පී. ඩුමිනි වෙත පැවරිණ. එහෙත් ලකුණු සංඛ්‍යාව 130 දී ඩුමිනිගේ ඉනිම නිමා කිරීමට ඩිල්රුවන් පෙරේරා සමත් වූ හෙයින් නැවත වරක් තරගයේ වාසිය ශ්‍රී ලංකා පිල දෙසට නැඹුරු විය.
ඒ වන විට දකුණු අප්‍රිකානු පිලේ සියලුම නම්දැරූ පිතිකරුවන් දැවී ගොස් සිටි බැවින් පන්දු රකින්නන් හත් දෙනකු විසින් ඩේල් ස්ටේන් වටකරමින් ඉතිරි කඩුලු 3 දවාගැනීමේ උත්සාහයක නිරත වූ අතර ටෙස්ට් ඉනිමකදී 18 වැනි වරටත් කඩුලු 5 ක් දවාගත් රංගන හේරත් ඩේල් ස්ටේන්ගේ ඉනිම නිමා කළේය.
පැය 3 කට ආසන්න කාලයක් (විනාඩි 170 ක්) පිටියේ රැඳෙමින් පන්දු 159 කට මුහුණ දුන් අම්ලා ලබාගත්තේ ලකුණු 25 ක් පමණි. ඔහුගේ අරමුණ වූයේ ලකුණු ලබාගැනීම නොව මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය වළක්වමින් තරගාවලියේ ජය ලබා අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අතරේ 1 වැනි ස්ථානය නැවතත් අත්කර ගැනීමයි.
අන්තර්ජාතික ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රෙිලියාව මේ වන විට ප්‍රසාද ලකුණු 123 ක් බැගින් ලබා සම තත්ත්වයේ සිටිති.
මෙම තරගයේදී දකුණු අප්‍රිකානුවන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය වූයේ ඕවරයකදී ලකුණු 1.8 ක් පමණි. ඔවුන්ගේ මන්දෝත්සාහී තරග රටාව වටහාගැනීමට ඊට වඩා නිදසුනක් අවශ්‍ය නොවේ. .
තරගය අද උදෑසන 9.45 ට ආරම්භ වන විටත් වටින් ගොඩින් වැහි අඳුර පැතිරෙමින් තිබිණ. කුමන තත්ත්වයකදී හෝ දකුණු අප්‍රිකානු පිලේ ඉතිරි කඩුලු 9 දවාගත යුතුවූ හෙයින් දිරිමත්ව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සියලු උපක්‍රම යොදාගත් නමුත් පෙරවරු 10.02 වර්ෂාව නිසා තරගය නතර කරන අවස්ථාව දක්වා කඩුලු රැක ගැනීමට වමත් පිතිකරුවන් දෙදෙනා වන ඩීන් එල්ගා ක්වින්ටින් ඩි කොක් සමත් වූහ.
විනාඩි 15 කට පසුව තරගය ආරම්භ කර යවන ලද දෙවැනි පන්දුවේදීම ඩීන් එල්ගාගේ පිට ඉන්න මත තිබූ බේලය බිම දැමූ ඩිල්රුවන් පෙරේරා ඇසිපිය ගහන පමාවෙන් තම පිල නැවතත් තරගයට කැඳවාගෙන ආවේය. එහෙත් තුන්වැනි සහ සිව්වැනි කඩුලු වෙනුවෙන් පිළිවෙලින් ලකුණු 21 ක් සහ 25 ක් එක්කිරීමට සම්මාදම් වූ නායක හසිම් අම්ලා තරගයේ ජය ශ්‍රී ලංකා පිලෙන් ඈත් කරමින් සිටියේය. මෙම ලකුණු 46 එක්කිරීමට පැය දෙකකට වැඩි කාලයක් ගතවී තිබිණ.
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.