Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර මැන්චෙස්ටර් නුවර, ඕල්ඞ්ට‍්‍රැෆඞ් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන තුන්වැනි අළු බඳුන ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද (5 වැනිදා) වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා තරගය ජයපරාජයෙන් තොරව නිමා විය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 332 ක ඉලක්කයක් කරා ගිය එංගලන්ත කණ්ඩායම අද තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලූ 3ක් දැවී ලකුණු 37 ක් ලබා සිටියේය.
ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 7ක් දැවී ලකුණු 172ක් ලබා ගත්තේය. ජයග‍්‍රහණය සඳහා එංගලන්ත පිලට තවත් ලකුණු 295 ක් අවශ්‍යව තිබූ අතර ඒ සඳහා ඔවුන්ට තවත් කඩුලූ 7 ක් ඉතිරිව තිබිණ. එහෙත් තේ පානයෙන් අනතුරුව තරගය ආරම්භ කළ නොහැකි වූ බැවින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර දැමීමට දෙපිළේ නායකයෝ එකඟ වූහ.
සිවු වැනි අළුබඳුන ටෙස්ට් තරගය මේ මස 10 වැනිදා සිට 14 දක්වා චෙස්ටර් ලි ස්ටී‍්‍රට්හිදී පැවැත්වේ. තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග 2-0 ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් සිටියි.
ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම කඩුලූ 7ට 527
එංගලන්තය - පළමු ඉනිම සියලූදෙනා දැවී ලකුණු 368
ඕස්ටේ‍්‍රලියාව - දෙවැනි ඉනිම කඩුලූ 7ට 172
(ඬේවිඞ් වෝනර් 41, උස්මාන් කවජා 24, මයිකල් ක්ලාක් නොදැවී 30, ජේම්ස් ඇන්ඩර්සන් 37/2, ටිම් බ්‍රෙස්නන් 25/2)
එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලූ 3ට 37
(ජෝ රූට් නොදැවී 13)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.