Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner තවත් ලකුණු 200 ක් විතර ඕනෑ - ඩිල්රුවන්

තවත් ලකුණු 200 ක් විතර ඕනෑ - ඩිල්රුවන්

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී මේ වන විට ලකුණු 150 ක් ඉදිරියෙන් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමට මෙම තරගයේදී වාසිදායක තත්ත්වයක් ගොඩනගා ගැනීමට නම් තවත් ලකුණු 200 ක් පමණ ලබාගත යුතුව ඇතැයි ඩිල්රුවන් පෙරේරා කියයි.

මෙම තරගයේදී සිය හොඳම ටෙස්ට් පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 69 කට කඩුලූ 5 ක් දවාගත් ඩිල්රුවන් පෙරේරා, තරගයෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡුාවේදී එසේ පැවසීය.

”මා ටෙස්ට් කී‍්‍රඩකයෙක් වෙන්න බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කළා. මේ තරග දෙක වුණත් කී‍්‍රඩා කරන්නේ පසුගිය පෙබරවාරි මාසයට පස්සේ..එංගලන්තයේදී මා කී‍්‍රඩා කළේ නෑ”

”ඒත් මේ තරගාවලියේදී මට අවස්ථාව ලැබෙයි කියා සිතුණා. ඒ නිසා මගේ පුුහුණුකරුවන් සමග දිගින් දිගටම කටයුතු කරමින් මගේ පන්දු යැවීමේ රිද්මය රඳවා ගත්තා” යයිද ඩිල්රුවන් පැවසීය.

අද පෙරවරුවේදී යවන ලද 17 වැනි  ඕවරයේ තරමක් වේගයෙන් පන්දු යවමින් පන්දු 3 ක් අතරතුරදී ඒ. බී. ඩිවිලියර්ස් සහ ක්වින්ටින් ඩි කොක් දෙදෙනාම ආපසු කී‍්‍රඩාගාරයට යවා තරගයේ වාසිය ශී‍්‍ර ලංකා පිලට හැරවීමට ඩිල්රුවන්ට හැකි විය.
මෙම තරගයේදී තමන් පන්දු යැවූ අන්තයෙන් එතරම් විශාල දග කැවීමක් දක්නට නොලැබුණු හෙයින් කඩුල්ල වටා දිවයමින් පිතිකරුවන්ට විවිධ කෝණ වලින් පන්දු යැවීමට ඔහුට සිදුවිය. එහි ප‍්‍රතිඵල ඔහු සෘජුවම ලබාගත්තේය.

”මා උත්සාහ කළේ මගේ අන්තයෙන් පන්දු යවමින් පිතිකරුවන් පාලනය කරගන්නයි. මොකද අනෙක් අන්තයෙන් රංගනට අයියට හොඳ ද`ග කැවීමක් ලැබුණා..ඇරත් එයා පන්දු යවමින් සිටි තැන තරමක් රළුවට තිබුණ නිසා වමත් පිතිකරුවන්ට අසීරුතාවකුත් තිබුණා” යයිද ඩිල්රුවන් පැවසීය.

මෙම තරගයේදී දකුණු අපි‍්‍රකානුවන් විසින් අනුගමනය කරන ලද පසුගාමී තරග රටාව හේතුවෙන් ශී‍්‍ර ලංකාවට ලකුණු 139 ක මුල් ඉනිමේ වාසියක් ලැබිණ. දකුණු අපි‍්‍රකානුවන්ගේ උපක‍්‍රමය වූයේ ලකුණු ලබාගන්නවාට වඩා පන්දු නාස්ති කරමින් කාලය කා දැමීමයි.

”ඔවුන් පන්දුවට පහර දුන් විදියෙන්ම අප හිතුවා ඔවන්ට  ඕනෑ කරන්නේ මේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරන්න කියලා. ඔවුන්ගේ ඒ ආකල්පය නිසා අපට හොඳ මුල් ඉනිමේ වාසියක් ලැබුණා” යයිද ඩිල්රුවන් පැවසීය.

මෙම තරගයේදී දකුණු අපි‍්‍රකානුවන්ට දිය යුතු ඉලක්කය මේ යයි තවමත් තීරණයක් නැතත් හෙට දින පෙරවරුවේදී හොඳින් පන්දුවට පහර දෙමින් තවත් ලකුණු 200 කට මඳක් වැඩියෙන් ලබාගනීම ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවයි. එවන් ලකුණු සංඛ්‍යාවක් තිබේ නම් හෙට දින තේ පානය වන විට පන්දුවට පහර දීමේ අවස්ථාව ආපසු දකුණු අපි‍්‍රකානුවන්ට බාර කළ හැකිය.

”අපට දග පන්දු යවන්නන් තුන් දෙනෙක් ඉන්නවා. ඒ නිසා  ඕවර සංඛ්‍යාව අපට ඒ තරම් විශාල ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ...ඒත් අපි ඔවුන්ට සාධාරණ ඉලක්කයක් දිය යුතුයි. ඒ සඳහා තණතීරුවේ හැසිරීම ගැනත් සලකා බලන්න  ඕනෑ” යයිද ඩිල්රුවන් පැවසීය.


අදහස් (2)

තවත් ලකුණු 200 ක් විතර ඕනෑ - ඩිල්රුවන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.