Last Update  :  2024-05-11 20:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner චාමර කපුගෙදරටත් රතු එළිය

චාමර කපුගෙදරටත් රතු එළිය

Nisanka Sandeepani - 2017 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තුන්වැනි එක්දින තරගයේදී පිට කොන්දේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් යයි කියමින් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ තාවකාලික නායකත්වයට පත්වූ චාමර කපුගෙදර ඉන්දියාවට එරෙහි සිවුවැනි එක්දින තරගය අහිමිවී යෑමේ අවදානමට ලක්වී සිටී.

අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත්තේ ඔහුට විවේකයක් දීමේ මුවාවෙන් කණ්ඩායමෙන් ඉවත් කර ඇති බවයි. 

මේ අතර හෙට හවස පැවැත්වෙන පුහුණු සැසියට සහභාගීවීමට කපුගෙදර හට නොහැකි වුවහොත් කපුගෙදර තරගාවලියෙන් ඉවත්කිරීමට සිදුවන බව අසංක ගුරුසිංහ මහතා පවසා ඇතැයි කියැවේ. 

චාමර කපුගෙදරට හෙට පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් ඉන්දීය සංචාරය තුළ කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවූ සිවුවැනි පිතිකරුවා බවට පත්වන්නේය.

උරහිසේ ආබාධයක් හේතුවෙන් ධණුෂ්ක ගුණතිලකට කණ්ඩායමෙන් ඉවත්විමට සිදුවූ අතර නියමිත කාලයට පෙර නියමිත ඕවර සංඛ්‍යාව යැවීමට නොහැකිවීම හේතුවෙන් උපුල් තරගට එක්දින තරග දෙකක තහනමක් පැනවීය. 

තෙවැනි එක්දින තරගයේදී ඇගිල්ලක අස්ථී පිපිරීමක් හේතුවෙන් දිනේෂ් චන්දිමාල්ටද තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. හෙට තරගයට කපුගෙදර හට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට නව නායකයකු සොයා ගැනීමට සිදුවන අතර ඉන්දීය සංචාරය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ පස්වැනි නායකයා බවට ඔහු පත්වන්නේය.

2014 විස්සයි20 ලෝක කුසලානය දිනාගත් අවස්ථවේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ ලසිත් මාලිංග කණ්ඩායමේ සිටියද මේ වනතෙක් කණ්ඩායමේ නායකත්වය පිළිබඳව තේරීම් කමිටුව විසින්  තීරණයක් ගෙන නොමැතිබව ගුරුසිංහ මහතා පැවසීය.


අදහස් (0)

චාමර කපුගෙදරටත් රතු එළිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.