Last Update  :  2025-12-16 18:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ක‍්‍රිකට් ආයතනයෙන් සල්ලි දන්සැලක්

ක‍්‍රිකට් ආයතනයෙන් සල්ලි දන්සැලක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය රාජ්‍ය බැංකුවකින් රුපියල් මිලියන 250 ක ණයක් ලබාගෙන එම ණය මුදලත් සමග රුපියල් මිලියන 309 ක් ඡන්දය බලාපොරොත්තුවෙන් ක‍්‍රීඩා සමාජවලට බෙදාදීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. මේ සදහා වන යෝජනාව පසුගියදා පැවැති ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක සභාවට ඉදිරිපත් කළ බව ද දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයේදී ඡන්දයකින් තොරව පත්වූයේ යැයි කියන උසස් නිලධාරියකු මෙම මෙහෙයුම ක‍්‍රියාත්මක කරන බව තතු දන්නෝ පවසති.

මෙහිදී අදාල උසස් නිලධාරියාගේ හිතවත් රාජ්‍ය ආයතනයකට සම්බන්ධ යැයි කියන ක‍්‍රීඩා සමාජයකට මිලියන 10 ක මුදලක් ලබාදීමට සූදානමින් සිටින බව ද වාර්තා වේ. තවද ගාල්ල ප‍්‍රදේශයට සම්බන්ධ නිලධාරියකුගේ බෝඞ් ලෑලි ක‍්‍රීඩා සමාජ කීපයකට මුදල් පිරිනැමීමේ සූදානමක් පැවතීම මෙහි බරපතලම තත්ත්වය බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ජාතික සංවර්ධන කමිටුවේ ලබන වසරේ වැඩසටහන් ක‍්‍රියාක්මක කිරීමට යැයි පවසමින් මෙම ණය ලබා ගැනීමට නියමිත බවත් ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියෙන් ලැබෙන ආදායමෙන් මෙය ප‍්‍රතිපූර්ණ කිරීමේ සූදානමින් පසු වන බවත් වාර්තා වේ.

මෙම දැවැන්ත ණය මුදල ලබන වසරේ (2015) ජූනි මස අවසානයේ ගෙවා නිම කිරීමට බලාපොරොත්තු වන අතර මාර්තු මස 29 වැනිදා අවසන් වන ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර ලෝක කුසලන තරගාවලියට සහභාගිත්වය වෙනුවෙන් ගෙවන මුදලින් 70% ක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලැබීමට නියමිතය.

මෙහිදී ක‍්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන් මෙම මුදල් දන්සලට විරෝධය පළකර ඇති අතර එහිදී ඔවුන් යෝජනා කර ඇත්තේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන්නේ නම් පමණක් ක‍්‍රීඩා සමාජවලට මුදල් ලබාදීමට කැමැත්ත ප‍්‍රකාශ කරන බවයි.
මේ පිළිබදව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ ක‍්‍රීඩා සමාජ නිලධාරියකු පැවසුවේ ක‍්‍රීඩා සමාජවලට මුදල් ලබාදීමේ ප‍්‍රධාන අරමුණ ඡන්ද නිර්මාණය කර ගැනීම බවයි.

‘‘මෙහිදී මුදල් දෙන්නේ සල්ලි තියෙන ක‍්‍රීඩා සමාජවලටයි. ඒ මොකද මේ අයට  ඕනේ ක‍්‍රීඩා සමාජ මිතුරන් හො`දින් තියා ගන්න. එහෙම නැතුව මුදල් දෙනවා නම් කොළඹ ඉහළ ක‍්‍රීඩා සමාජවලට නොවෙයි ගමේ පොඩි ක‍්‍රීඩා සමාජවලට මුදල් ලබාදිය යුතුයි’’ යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගිය වසරේදීද කොළඹ ප‍්‍රධාන ක‍්‍රීඩා සමාජ ඇතුළුව ක‍්‍රීඩා සමාජ රැසකට රුපියල් ලක්‍ෂ 200 කට අධික මුදලක් ලබා දුන් අතර තවද ඇතැම් ක‍්‍රීඩා සමාජවලට ලබාදුන් මිලියන ගණනක ණය ද මේ දක්වා ගෙවා නොමැති බව ද වාර්තා වේ.


අදහස් (1)

ක‍්‍රිකට් ආයතනයෙන් සල්ලි දන්සැලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.