ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක දැන්වීම් සඳහා සහභාගි වෙන්න’යි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන්ට බලපෑම් කෙරෙන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා චෝදනා කරයි. මෙම බලපෑම් සම්බන්ධයෙන් එම කී‍්‍රඩකයන් තමන්ට දන්වා ඇතැයි රණතුංග මහතා ඊයේ (11 වැනිදා) වත්තලදී ප‍්‍රකාශ කළේය.
”ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් මේ ආකාරයට බියගන්වන එක නොකළ යුතු දෙයක්. එවැන්නකින් ඔවුන්ගේ දස්කම් කෙරේ අනිසි බලපෑමක් ඇතිවිය හැකියි...මේ කී‍්‍රඩකයන් තව මාස දෙකකින් ලෝක කුසලාන තරගාවලියට කී‍්‍රඩා කරන්න ඕනෑ කියන එක අප මතක තියාගන්න ඕනෑ” යයිද අර්ජුන රණතුංග මහතා පැවසීය.
වත්මන් කාලයේදී තරම් කි‍්‍රකට් කී‍්‍රඩාව දේශපාලනීකරණය වූ වෙනත් යුගයක් නොතිබූ බවත් පැවසූ රණතුංග මහතා, තමන්ගේ පියා (රෙජී රණතුංග මහතා) ඉතාමත් දැඩි ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයකු වූ නමුත් එවකට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාව සිටි ගාමිණී දිසානායක මහතා කිසිදු අවස්ථාවක තමන්ගෙන් දේශපාලනික එදිරිවාදීකම් පිරිමසාගැනීමට උත්සාහ නොගත් බවද පැවසීය.
”ගාමීණී දිසානායක මහතාට ඕනෑවුණා නම් මගේ කි‍්‍රකට් ජීවිතය මාස කිහිපයකින් කෙළවර කරන්න තිබුණා. ඒත් ඔහු කවදාවත් එහෙම දෙයක් කළේ නෑ” යයිද අර්ජුන රණතුංග මහතා පැවසීය.
කී‍්‍රඩාවට දේශපාලනය පිවිසීම වසර 2010 සිට සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇතැයිද රණතුංග මහතා වත්තලදී පැවසීය.
අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා කණ්ඩායම 1991 දී නවසීලන්තයේදී සංචාරය කළ අවස්ථාවේදී කණ්ඩායමේ කළමණාකරු වශයෙන් කටයුතු කළ ස්ටැන්ලි ජයසිංහ මහතාත්, සහාය කළමණාකරු වශයෙන් කටයුතු කළ ජයන්ත පරණාතල මහතාත් නායක අර්ජුන රණතුංගත් අතර බරපතළ ගැටුමක් ඇතිවිය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අර්ජුන රණතුංගට නායකත්වය මෙන්ම 1991 ශී‍්‍ර ලංකා පිලේ එංගලන්ත සංචාරයේදී කණ්ඩායමේ සාමාජිකත්වයද අහිමි කෙරිණ.
අනතුරුව එළැඹි පාකිස්තානු සංචාරයට සහ 1992 ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිලේ නායකත්වය දැරුවේ අරවින්ද ද සිල්වාය. එහෙත් 1996 ලෝක කුසලාන තරගාවලියට වසර දෙකක පමණ කාලයක් තිබියදී අර්ජුන රණතුංග ශී‍්‍ර ලංකා පිලේ ස්ථිර නායකයා වශයෙන් පත්කරනු ලබන විට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වූයේ එවකට පැවැති රජයේ විදේශ කටයුතු ඇමතිවරයාව සිටි ටිරෝන් ප‍්‍රනාන්දු මහතාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.