Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එක්දින සංචිතයට අෂාන් එක්වෙයි

එක්දින සංචිතයට අෂාන් එක්වෙයි

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

සංචාරක නවසීලන්ත පිලට එරෙහිව මේ මස 10 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සඳහා නම් කර ඇති ක‍්‍රීඩකයෙන් 16 දෙනකුගෙන් යුත් සංචිතයට ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ අෂාන් ප‍්‍රියංජන් ඇතුළත්ව සිටියි.

දකුණත් පිතිකරුවකු වන 24 හැවිරිදි අෂාන් ප‍්‍රියංජන්, ශ්‍රී ලංකා එක්දින සංචිතයට නම් කළ පළමු අවස්තාව මෙය වේ. අෂාන් පසුගිය මාස කීපයේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිල නියෝජනය කරමින් දස්කම් දැක්වීය. 2008 වසරේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ නායකයා ලෙස කටයුතු කළ අෂාන්, කොළඹ නාලන්දා විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.

අෂාන් මේ වන විට එක්දින තරග (නිල නොවන* 60 කදී ශතකයක් සහ අර්ධ 11 ක් සමගින් ලකුණු 1594 ක් රැස්කර තිබේ. අෂාන්ගේ ඉනිමක ලකුණු සාමාන්‍ය 31.25 කි.
මෙම තරගාවලියේ පළමු සහ දෙවැනි තරග මේ මස 10 සහ 12 දෙදින හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.  

ශ්‍රී ලංකා එක්දින සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, රංගන හේරත්, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස් සහ අෂාන් ප‍්‍රියංජන්


අදහස් (3)

එක්දින සංචිතයට අෂාන් එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.