සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඉන්දීය පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ කොල්කටාහි ඊඞ්න් ගාඞ්න් ක‍්‍රීඩාගංණයේදී අද (06) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට ඉන්දීය පිල පළමු ඉනිම සඳහා කිසිවකු නොදැවී ලකුණු 37 ක් ලබා සිටියේය.
කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් කොදෙව් ඉනිම ලකුණු 234 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. ඉන්දීය පිල වෙනුවෙන් දකුණතින් වේග පන්දු යවන 23 හැවිරිදි මොහොමඞ් ශාමි ලකුණු 71 කට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත් විය. මෙම ටෙස්ට් තරගය සචින් තෙන්ඩුල්කාර්ගේ 199 වැනි ටෙස්ට් තරගයයි.
බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම 234
(ක‍්‍රිස් ගේල් 18, කිරාන් පවෙල් 28, ඩැරන් බ‍්‍රාවෝ 23, මාලන් සැමුවෙල්ස් 65, ශිවනරින් චන්ද්‍රපෝල් 36, ඩැරන් සැමි 16, මොහොමඞ් ශාමි 71/4, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 52/2)
ඉන්දීය පිල පළමු ඉනිම කිසිවකු නොදැවී 37
(ශීකාර් ධාවන් නොදැවී 21, මුරලි විජේ නොදැවී 16)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.