Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ආසියානු කුසලාන තරග බංග්ලාදේශයේදී

ආසියානු කුසලාන තරග බංග්ලාදේශයේදී

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලබන මාසයේදී බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිතය තිබූ ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලිය යොදාගත් පරිදිම බංග්ලාදේශයේදීම පැවැත්වෙන බව ආසියානු කි‍්‍රකට් සමුළුව අද (4 වැනිදා) නිවේදනය කළේය.

අද පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැති රැස්වීමකින් අනතුරුව 2014 ආසියානු කි‍්‍රකට් තරගාවලිය කලින් සැලසුම් කළ පරිදි බංග්ලාදේශයේදීම පැවැත්වීමට ආසියානු කි‍්‍රකට් බලධාරීන් තීරණය කර තිබේ.

මෙවර ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා ඇෆ්ගනිස්තානු කණ්ඩායමද ඇතුළත් කර ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා කෙළිමඬලට පැවසීය. ඒ අනුව තරගාවලිය සඳහා සහභගි වන කණ්ඩායම් සංඛ්‍යාව 5 කි.

සත්කාරක බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය, ශී‍්‍ර ලංකාව සහ ඇෆ්ගනිස්ථානය ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වෙති. තරගාවලිය ලබන මස (පෙබරවාරි) 25 වැනිදා සිට මාර්තු මස 8 වැනිදා දක්වා පැවැත්වෙන අතර තරගාවලියේ සම්පූර්ණ තරග සංඛ්‍යාව 11 කි.

බංග්ලාදේශයේදී පසුගිය දිනවල පැවැති ප‍්‍රචණ්ඩකාරී වාතාවරණය නිසා ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලිය සංවිධානය කිරීමේදී ගැටළු පැන නැගිය හැකි යයි අදහස් කළ ආසියානු කි‍්‍රකට් බලධාරීහු ජනවාරි මස 4 වැනිදා කොළඹදී හමුවී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට එකග වූහ.

බංග්ලාදේශයේ මැතිවරණය සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට වරින් වර ඇතිවු ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් මේ වන විට 140 දෙනකු පමණ මියගොස් තිබෙන අතර පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලය පවසා තිබුණේ බංග්ලාදේශයට කි‍්‍රකට් කණ්ඩායම යැවීමට පෙර තමන් රජයේ උපදෙස් ලබාගන්නා බවයි.

 

 


අදහස් (0)

ආසියානු කුසලාන තරග බංග්ලාදේශයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.