Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වහාම කි‍්‍රයාත්මක වන පරිදි ජාතික සංචිතයෙන් ඉවත් කර අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවර සිටින ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමට එක්වීම සඳහා පිටත්කර යැවීමට සූදානම් වුවද ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු උපනායක දිනේෂ් චන්දිමාල් තවදුරටත් කණ්ඩායමේ රඳවා ගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කළමණාකාරීත්වය තීරණය කර තිබේ. එම තීරණය අනුව ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර හෙට (24 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය සඳහා කණ්ඩායම තෝරා ගැනීමේදී චන්දිමාල්ගේ නමද සාකච්ඡවට ලක්වනු ඇත.
ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර දෙවැනි ටෙස්ට් තරගය කොළඹ එස්. එස්. සී. පිටියේදී ආරම්භ වෙයි. ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 153 කින් ජයගත් දකුණු අපි‍්‍රකානු කණ්ඩායම මේ වනවිට 1-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටී. තරග දෙකකින් පමණක් සමන්විත තරගාවලියක් වන හෙයින් මෙම තරගාවලිය ජයගැනීමේ අවස්ථාවක් ශී‍්‍ර ලංකා පිලට ඉතිරිව නැති නමුත් එස්. එස්. සී. තරගය ජයගතහොත් තරගාවලිය සම කිරීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා පිලට තිබේ.
පුහුණුවීම් වලින් පසුව, කි‍්‍රකට් මූලස්ථානයේදී ඊයේ (23 වැනිදා) පැවැති පුවපත් පත් සාකච්ඡුාවකදී ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ තරගාවලිය 2-0 ක් ලෙස පරාජය වීමේ අවදානම නොතකා එස්. එස්. සී. තරගය ජයගැනීමට තමන් ඇතුළු කණ්ඩායම සියලූම උත්සාහයන් ගන්නා බවයි.
පසුගිය වසරේ (2013) ජනවාරි මාසයේදී පැවැති ඕස්ටේ‍්‍රලියානු සංචාරයේ සිටම ටෙස්ට් තරගාවලියකදී අපරාජිතව සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමට එස්. එස්. සී. තරගය ජයගත නොහැකි වුවහොත් මාස 18 කට පසුව ටෙස්ට් තරගාවලියකදී පරාජය අත්විඳීමට සිදුවේ. එම තත්ත්වයෙන් මිදීම ශී‍්‍ර ලංකා පිලේ අපේක්‍ෂාවයි.
කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පිල තෝරා ගැනීම සම්බන්ධයෙන් කණ්ඩායම් කළමණාකාරීත්වයත් තේරීම් කමිටුවත් අතර ඇත්තේ නොනවතින මත ගැටුමකි.
මාස කිහිපයකට ඉහතදී පැවැති විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියෙ සිටම, දිගින් දිගටම පිතිකරුවකු වශයෙන් අසාර්ථක වීම නිසා දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කර ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම වෙත යොමු කිරීමට තීරණය කළ තේරීම් කමිටුව කඩුලූ රකින්නාගේ වගකීම තරුණ කී‍්‍රඩකයකු වන නිරෝෂන් දික්වැල්ලට බාර දීමට සූදානමින් සිටී. එසේ වුවත් අවසන් මොහොතේදී ඇතිවිය හැකි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා, තරගය ආරම්භ වන තුරු, චන්දිමාල් ශී‍්‍ර ලංකාවේ රඳවා ගැනීමට තේරීම් කමිටුව එකග වී තිබේ.
”කණ්ඩායම තේරීමේදී චන්දිමාල් ගැනත් සලකා බැලෙනවා. ඒත් මේ තරගය සඳහා කී‍්‍රඩා කරන්නට දික්වැල්ලටත් හොඳ අවස්ථාවක් තියෙනවා” යයි ඇන්ජලෝ මැතිව්ස් ඊයේ පැවසීය.
වේග පන්දු යවන කී‍්‍රඩක ශමින්ද එරංග ගාල්ල ටෙස්ට් තරගයේදී තුවාල ලැබීම නිසා ඔහුගේ් අතට මැහුම් 8 ක් දැමීමට සිදුවිය. ශමින්ද එරංග සංචිතයෙන් ඉවත් කර දික්වැල්ල කැඳවා ඇති නමුත් ශී‍්‍ර ලංකා කණ්ඩායම දෙවැනි වතාවටත් සලකා බලමින් සිටින්නේ දග පන්දු යවන්නන් තිදෙනකු සමගින් තරගයට පිවිසීමයි. ඒ පිළිබඳ අවසන් තීරණය කාසියේ වාසිය උරගා බැලීමට පෙර ගැනෙනු ඇත.
එසේ වුවහොත් රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා සහ අජන්ත මෙන්ඩිස් එස්. එස්. සී. පිටියට පිවිසෙන අතර සුරංග ලක්මාල් සමගින් නව පන්දුව භාවිතා කිරීමේ වගකීම තරමක් දුරට හෝ බාරගැනීමට නායක ඇන්ජලෝ මැතිව්ස්ට සිදුවෙයි.
ටෙස්ට් තරගයදී පන්දු යවන්නකුගේ කාර්යය බාරගැනීම සම්බන්ධයෙන් මැතිව්ස්ගෙන් ඊයේ කළ විමසීමේදී ශී‍්‍ර ලංකා නායකයා පවසා සිටියේ තමන්ගේ දණහිසේ ආබාධය නැවත ඇතිවිය හැකි බැවින් ටෙස්ට් තරග වලදී අවස්ථානුකූලව පන්දු යවන නමුත් පන්දු යවන්නකුගේ බර දරා ගැනීම සම්බන්ධයෙන් සැලකිළිමත් විය යුතු බවයි.
මේ වන විට ඉතාමත් විශ්වාසදායී පිතිකරුවකු බවට පත්ව සිටින මැතිව්ස්ගෙන් කණ්ඩායමට ලැබෙන දායකත්වය උපරිම තත්ත්වයක තබාගැනීමට නම් ඔහුගේ කාර්යයන් සම්බන්ධයෙන් නිසි කළමණාකරණයක් තිබිය යුතු බවද සැබෑවකි.
කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පිලේ සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් දෙදෙනා වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන දෙදෙනාට රිසි පරිදි නිදහසේ පිතිහරඹයේ යෙදීමේ අවස්ථාව අහිමි වී ඇත්තේ කණ්ඩායමේ සෙසු පිතිකරුවන් පිළිබඳ විශ්වාසදායක තත්ත්වයක් නැති බැවිනි. පළමු සහ දෙවැනි කඩුලූ බිඳ වැටීමෙන් පසුව පිටියට පිවිසෙන මෙම පිතිකරුවන් දෙදෙනාගේ සිත තුළ රජයන අනියත බිය වන්නේ තමන් දැවී යාමෙන් පසුව කණ්ඩායමේ පසුපෙළ කඩා වැටෙන බවයි. ගාල්ල ටෙස්ට් තරගයේදී එම තත්ත්වය ඉතාමත් පැහැදිළිව දැකගත හැකි වු අතර එවන් තත්ත්වයකින් ඇතිකෙරෙන පීඩනය පිතිකරුවන් කෙරෙහි බලපායි.
පිතිකරුවන්ගේ පරාදීසයක් බඳු එස්. එස්. සී. තණතීරුවේදී මෙම පිතිකරුවන් දෙදෙනාගේම වික‍්‍රමාන්විත කෙළවරක් නැත. එබැවින් මෙම තරගයේදීත් ඔවුන් දෙදෙනාටම නිදහසේ පිති හැසිරවීමේ අවස්ථාව ලැබුණහොත් හොඳ තරගයක් දැකබලාගැනීමේ අවස්ථාව කි‍්‍රකට් ලෝලීන්ට උදාවනු නිසැකය.
ශී‍්‍ර ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න, උපුල් තරංග, කෞෂාල් සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, අජන්ත මෙන්ඩිස්, සුරංග ලක්මාල්, නිරෝෂන් දික්වැල්ල, ධම්මික ප‍්‍රසාද්, චානක වෙළගෙදර සහ කිත්රුවන් විතානගේ
දකුණු අපි‍්‍රකානු සංචිතය
හසිම් අම්ලා (නායක), ඇල්වයිරෝ පීටර්සන්, ඞීන් එල්ගා, ෆෆ් ඩු ප්ලෙසි, ඒ. බී. ඩිවිලියර්ස්, ජේ. පී. ඩුමිනි, ස්ටෙයින් වැන්සිල්, වර්නන් ෆිලැන්ඩර්, මෝර්නේ මෝකල්, ඬේල් ස්ටෙයින්, ඉම්රාන් තහීර්, කයිල් ඇබට්, ක්වින්ටින් ඩි කොක් සහ ඬේන් පිට්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.