Last Update  :  2025-12-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner 30 දෙනාගේ සංචිතයට සචිත‍්‍ර - රඹුක්වැල්ල එක්වෙති

30 දෙනාගේ සංචිතයට සචිත‍්‍ර - රඹුක්වැල්ල එක්වෙති

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

 

ලබන වසර මුලදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය සඳහා තෝරා ගන්නා ලද කී‍්‍රඩකයන් 30 දෙනකුගෙන් සමන්විත මූලික සංචිතයට සචිත‍්‍ර සේනානායක, රමිත් රඹුක්වැල්ල, ෆර්වීස් මහරුෆ් සහ ලක්ෂාන් රංගික ඇතුළත්ව සිටිති. මෙම සංචිතයට මේ දක්වා කී‍්‍රඩා ඇමතිවරයාගේ අනුමැතිය හිමිවී නැතත් එය ඉතා ඉක්මනින් ලැබෙනු ඇතැයි වාර්තා වේ.

පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත යයි විනිසුරුවරුන් පැමිණිළි කිරීම නිසා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තහනමකට ලක්ව සිටින සචිත‍්‍ර සේනානායක මේ වන විටත් එහි අවසන් පරීක්‍ෂණයට මුහුණ දී තිබේ. එහෙත් එහි වාර්තාව ලැබීමට නියමිතව ඇත්තේ හෙට (8 වැනිදා) හෝ අනිද්දාය. ඇතැම් විට එම වාර්තාව ලැබීමෙන් පසුව 30 දෙනාගේ මූලික සංචිතය සඳහා කී‍්‍රඩා ඇමතිවරයාගේ අනුමැතිය ලැබෙනු ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආරංචි මාර්ග වලින් දැගන්නට තිබේ.

එක්දින අන්තර්ජාතික තරග 104 කට කී‍්‍රඩා කර ඇතත් ෆර්වීස් මහරුෆ් සිය අවසන් එක්දින තරගයට කී‍්‍රඩා කර ඇත්තේ 2012 වසරේ මාර්තු මාසයේදී බංග්ලාදේශ පිලට එරෙහිවය. එක්දින හෝ ටෙස්ට් වරම් ලබා නැති රමිත් රඹුක්වැල්ල විස්සයි:20 අන්තර්ජාතික තරගයකට පමණක් කී‍්‍රඩා කර තිබේ.

මේ වන විට පැවැත්වෙන ශී‍්‍ර ලංකා - එංගලන්ත එක්දින තරගාවලියේ සිවුවැනි සහ පස්වැනි එක්දින තරග සඳහා වන සංචිතයටද ඇතුළත්ව සිටින වමතින් දග පන්දු යවන්නකු වන ලක්ෂාන් සඳකැන් 23 හැවිරිදි කී‍්‍රඩකයෙකි. කෝල්ට්ස් පිල මෙන්ම පසුව සැරසන්ස් පිලද නියෝජනය කළ ලක්‍ෂාන් රංගික සිය කි‍්‍රකට් සහෘදයන් අතර වඩාත් ජනපි‍්‍රයව ඇත්තේ ‘චයිනා’ යන නමිනි. ඒ ඔහුගේ සුවිශේෂී ‘චයිනමන්’ පන්දු යැවීම හේතුවෙනි.

 

30 දෙනාගේ සංචිතය

1 ඇන්ජලෝ මැතිව්ස් (නායක)
2 තිලකරත්න ඩිල්ශාන් 
3 ළහිරු තිරිමාන්න 
4 කුමාර් සංගක්කාර
5 මහේල ජයවර්ධන 
6 කුසල් ජනිත් 
7 උපුල් තරංග 
8 දිමුත් කරුණාරත්න 
9 දිනේෂ් චන්දිමාල් 
10 අශාන් ප්‍රියන්ජන 
11 කිත්රුවන් විතානගේ
12 නිරෝෂන් දික්වැල්ල 
13 රංගන හේරත් 
14 දිල්රුවන් පෙරේරා 
15 සීකුගේ ප්‍රසන්න 
16 අජන්ත මෙන්ඩිස් 
17 සචිත්‍ර සේනානායක
18 පී.එච්.ඩී. කෞෂාල් 
19 ජීවන් මෙන්ඩිස් 
20 රමිත් රඹුක්වැල්ල 
21 සුරංග ලක්මාල් 
22 නුවන් කුලසේකර 
23 ලසිත් මාලිංග 
24 ධම්මික ප්‍රසාද් 
25 ශාමින්ද එරංග 
26 තිසර පෙරේරා 
27 ෆර්වීස් මහරූෆ්
28 නුවන් ප්‍රදීප් 
29 ළහිරු ගමගේ
30 ලක්ෂාන් රංගික සඳකැන් 

 


අදහස් (4)

30 දෙනාගේ සංචිතයට සචිත‍්‍ර - රඹුක්වැල්ල එක්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.