ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (16) ආරම්භ වූ තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ශ‍්‍රී ලංකා ටෙස්ට් කී‍්‍රඩකයන් අතරේ 126 වැනි ක‍්‍රීඩකයා ලෙස ඩිල්රුවන් පෙරේරා ටෙස්ට් වරම් ලැබීය.
මෙම තරගයේදී විශේෂඥ පිට දග පන්දු යවන්නකු ලෙස ඩිල්රුවන් පෙරේරා කණ්ඩායමට එක්ව සිටින අතර 31 හැවිරිදි ඩිල්රුවන් 2007 වසරේ එක්දින වරම් ලැබීය. ඩිල්රුවන් මේ වන විට එක්දින අන්තර්ජාතික තරග 4 කට සහ විස්සයි20 අන්තර්ජාතික තරග 3 කට සහභාගි ව තිබේ.
කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජයේ නායකයා වන ඩිල්රුවන් පළමු පෙළ තරග 140 කදී කඩුලූ 448 ක් දවාගෙන තිබේ. තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන ඩිල්රුවන් පසුගිය වසරේ ශ‍්‍රී ලංකා අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේ දක්‍ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩකයා ලෙස ද සම්මාන ලැබීය.
ඩිල්රුවන් පෙරේරා, පානදුර ශ‍්‍රී සුමංගල විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.