Last Update  :  2026-04-01 16:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සංගක්කාර ගාල්ලේදී ටෙස්ට් පිටියෙන් සමුගනී

සංගක්කාර ගාල්ලේදී ටෙස්ට් පිටියෙන් සමුගනී

Dilrukshi - 2015 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාවෙන් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවකු වන කුමාර් සංගක්කාර අගෝස්තු මස දෙවැනි සතියේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට තරග 3 ක් ඇතුළත් වන නමුත් එහි පළමු තරගයේදීම සමුගැනීමට සංගක්කාර තීරණය කර තිබේ.

මෙම තරගය අගෝස්තු මස 18 වැනිදා සිට 22 වැනිදා දක්වා ගාල්ල කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

ඔහුගේ මෙම තීරණයට ප‍්‍රබලතම හේතුවක් වී ඇත්තේ සිය ටෙස්ට් දිවිය මෙන්ම එක්දින තරග දිවියද ගාල්ල කී‍්‍රඩාංගණයෙන් ආරම්භ කිරීමත්, ගාල්ල කී‍්‍රඩාංගණය ඔහුට ඉතාමත් සාර්ථක කී‍්‍රඩාංගණයක් වීමත් නිසා බවත් දැනගන්නට තිබේ.

ගාල්ල කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් තරග 21 කට සහභාගි වී ඇති සංගක්කාර එහිදී ලකුණු 1808 ක් රැුස්කරගෙන ඇත්තේ ඉනිමකදී ලකුණු 54.78 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. ගාල්ලේදී සංගක්කාර ලබාගත් ටෙස්ට් ශතක සංඛ්‍යාව 7 කි.
වසර 2000 දී දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව ගාල්ලෙන් සිට ටෙස්ට් දිවිය ඇරඹූ සංගක්කාර මේ වන විට ටෙස්ට් ලකුණු 12,203 ක් ලබාගනිමින් ලෝකයේ වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර පස් වැනි ස්ථානයේ සිටී. ලකුණු ලබාගැනීම අතින් පස්වැනි ස්ථානයේ සිටියද ටෙස්ට් ද්විත්ව ශතක ලබාගැනීම අතින් සංගක්කාර දෙවැනි වන්නේ අසහාය පිතිකරු ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ට පමණි.

ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් ටෙස්ට් ද්විත්ව ශතක 12 ක් ලබාසිටින අතර සංගක්කාර ලබා සිටින ටෙස්ට් ද්විත්ව ශතක සංඛ්‍යාව 11 කි.

 


අදහස් (0)

සංගක්කාර ගාල්ලේදී ටෙස්ට් පිටියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.