සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඩකාහිදී අද (30 වැනිදා) ආරම්භවූ දෙවැනි ටෙස්ට් තරගය පළමු දිනට අවසන් කරනවිට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 259 ක් රැස්කිරීමට සමත්විය.
සකීබ් අල් හසන් ලකුණු 55 ක් සහ මහමුදුල්ලා ලකුණු 31 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර හයවැනි කඩුල්ල සඳහා ලකුණු 69 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීමට සමත්වූහ.
මංගල තරගයට ක්‍රීඩා කරන ශද්මන් ඉස්ලාම් ලකුණු 76 ක් රැස්කර සිටියදී දේවේන්ද්‍ර බිශූගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.
ලකුණු 87 කට කඩුලු 2 ක් දැවී තිබියදී තෙවැනි කඩුල්ල සඳහා එක්වූ ශද්මන් ඉස්ලාම් සහ මොහොමඞ් මිතුන් එක්ව ලකුණු 64 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.
දේවේන්ද්‍ර බිශූ කඩුලු 2 ක් ද කෙමාර් රෝච්, ශර්මන් ලෙවිස් සහ රොස්ටන් චේස් කඩුල්ල බැගින් දවාගනිමින් බටහිර ඉන්දිය කොදෙව් පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායම ජයගෙන ඇති අතර තරගාවලිය සමව අවසන් කර ගැනීමට නම් කොදෙව් කණ්ඩායමට මෙම තරගය ජයගත යුතුව ඇත.
බංග්ලාදේශ පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 5 ක් දැවී 259
(ශද්මන් ඉස්ලාම් 76, මොමිනුල් හක් 29, මොහොමඞ් මිතුන් 29, සකීබ් අල් හසන් නොදැවී 55, මහමුදුල්ලා නොදැවී 31, දේවේන්ද්‍ර බිශූ 69/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.