සංචාරක නවසීලන්ත පිලට එරෙහිව මේ මස 10 වැනිදා සූරියවැවදී ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා සංචිතයේ ක‍්‍රීඩකයන් සහභාගි වන පෙරහුරු එක්දින තරග දෙකක් මේ මස 5 සහ 7 දෙදින කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගවලට සහභාගි වන කණ්ඩායම් දෙකේ නායකයන් ලෙස ශ්‍රී ලංකා එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උප නායක දිනේෂ් චන්දිමාල් කටයුතු කරති.
මෙම කණ්ඩායම් දෙකින් දිමුත් කරුණාරත්න සහ අෂාන් පි‍්‍රයන්ජන් හැරුණු විට ජාතික කණ්ඩායමේ කී‍්‍රඩකයන් 9 දෙනකු මැතිව්ස්ගේ කණ්ඩායමට ඇතුළත් වන අතර චන්දිමාල් විසින් මෙහෙයවනු ලබන්නේ ශී‍්‍ර ලංකා ‘එ්’ කණ්ඩායමේ කී‍්‍රඩකයන්ගෙන් සමන්විත පිලකි. කෙසේ වෙතත් ළහිරු තිරිමාන්න සහ තිසර පෙරේරාගේ සේවය චන්දිමාල්ට හිමිවී තිබේ.
මැතිව්ස්ගේ කණ්ඩායම
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, රංගන හේරත්, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස් සහ අෂාන් ප‍්‍රියංජන්
අතිරේක ක‍්‍රීඩකයෝ: ඇන්ජලෝ පෙරේරා, රමිත රමුක්වැල්ල සහ ඉසුරු උදාන
චන්දිමාල්ගේ කණ්ඩායම
දිනේෂ් චන්දිමාල් (නායක), ළහිරු තිරිමාන්න, කුසල් ජනිත්, උපුල් තරංග, කිත්රුවන් විතානගේ, චතුරංග ද සිල්වා, තිසර පෙරේරා, ඩිල්රුවන් පෙරේරා, ශාමින්ද එරංග, සුරංග ලක්මාල් සහ සීකුගේ ප‍්‍රසන්න
අතිරේක ක‍්‍රීඩකයෝ: නුවන් ප‍්‍රදීප්, ඉෂාන් ජයරත්න සහ මිලින්ද සිරිවර්ධන
- 048
(ඡායාරෑපය - ශාන්ත රත්නායක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.