Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මුරලි ‘සාම’ කුසලාන තරග 1 දා සිට

මුරලි ‘සාම’ කුසලාන තරග 1 දා සිට

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

දෙවැනි වරටත් පැවැත්වෙන මුරලි ‘සාම’ කුසලාන කි‍්‍රකට් තරගාවලිය නොවැම්බර් මස 1 වැනිදා සිට 5 වැනිදා දක්වා උතුරු පළාතේ ප‍්‍රධාන නගර පහකදී පැවැත්වේ. කණ්ඩායම් 20 ක් සහභාගි වන මෙම තරගාවලිය උතුරු - දකුණු කි‍්‍රකට් කණ්ඩායම් අතර සුහදතාව සහ සමගිය වර්ධනය කිරීම පිණිසත් උතුරු පළාතේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට තරගකාරී මට්ටමේ අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව සැලසීම සඳහාත් සංවිධානය කෙරේ.

යාපනය, ඔඞ්ඩුසුඩාන්, මාන්කුලම්, කිලිනොච්චිය සහ වව්නියාව යන නගර වල මෙවරත් තරගාවලිය පැවැත්වෙන අතර වයස 19 න් පහළ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයෝ සහ 23 න් පහළ කී‍්‍රඩකාවෝ ඊට සහභාගි වෙති. පසුගිය වසරේදී පැවැති මෙම තරගාවලියට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 300 ක් පමණ සහභාගි වූ අතර තරග 35 ක් පැවැත්විණ.

බාලක පාසල් කි‍්‍රකට් කණ්ඩායම් 12 ක් සහ කාන්තා කණ්ඩායම් 8 ක් තරගාවලියට එක්ව සිටිති. සෑම කණ්ඩායමක්ම දිනයකදී තරග දෙකකට සහභාගි වන අතර තරගාවලියේ අවසන් මහ තරග නොවැම්බර් 5 වැනිදා කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වේ. යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම-වව්නියාව සහ ති‍්‍රකුණාමලය-මඩකලපුව යන ප‍්‍රදේශ වලින් ඒකාබද්ධ කණ්ඩායම්ද මෙම තරගාවලියට සහභාගි වෙති.

”ශී‍්‍ර ලංකාවේ විවිධ පළාත් වල, විවිධ සමාජ තලයන්හි ජීවත් වන කී‍්‍රඩකයන් එකිනෙකා සමග මුසුවී තරග කිරීමට ලැබෙන මෙම තරගාවලිය රටේ සියලූම කී‍්‍රඩකයන්ට ලැබෙන කදිම වේදිකාවක්. ඔවුන්ට ඔවුන්ගේ අත්දැකීම් බෙදාහදා ගන්න මේක ඉතාම හොඳ අවස්ථාවක්” යයි ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුලූ සංඛ්‍යාවක් දවාගැනීමේ ලෝක වාර්තාව හිමිකරුවා වන මුත්තයියා මුරලිදරන් පැවසීය.

පසුගිය වසරේ පැවැති තරගාවලිය සඳහා දකුණේ කණ්ඩායම් නියෝජනය කරමින් කිලිනොච්චියට ගිය කොළඹ ශාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම තමන්ට ලැබුණු නවාතැන වෙනුවට උතුරු පළාතේ කණ්ඩායම් නියෝජනය කරමින් තරගාවලියට එක්වූ කී‍්‍රඩකයන් සමගම නවාතැන් ගැනීමට තීරණය කිරීම තමන්ගේ හද සසළ කළ සිදුවීමක් බවත් අතීතයේ ඇතැමුන්ගේ කි‍්‍රයා කලාපයන් කුමක් වුවත් හෙට දවසේ ශී‍්‍ර ලංකාවේ අනාගය බාරගැනීමට සිටින තරුණයන්ගේ සිතිවිලි ඉතාමත් පිරිසිදු බවත් මුරලි ‘සාම’ කුසලාන තරගාවලියේ ප‍්‍රබල ආධාරකරුවකු වන ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන පසුගියදා පැවැති පුවත් පත් සාකච්ඡවකදී පැවසීය.

පසුගිය වසරේ තරගාවලියේදී හඳුනාගන්නා ලද දක්‍ෂ කී‍්‍රඩකයන් තිදෙනකු මේ වන විටත් කොළඹ අන්තර් කී‍්‍රඩා සමාජ තරගාවලිය සඳහා සහභාගි වෙමින් සිටින බවත් ඉදිරියේදී තවත් එවැනි කී‍්‍රඩකයන් සොයාගත හැකි බවත් මහේල ජයවර්ධන වැඩිදුරටත් පැවසීය.

”පසුගිය වසරේ අන්තර් පාසල් තරගාවලියේදී ඉතාමත් හොඳින් කී‍්‍රඩා කරපු කණ්ඩායමක් වුණේ මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයීය කණ්ඩායමයි. ඒත් උතුරු පළාතේ කණ්ඩායමක් එක්ක ඔවුන් කී‍්‍රඩා කරපු පළමු තරගයේදීම ති‍්‍රත්ව පිලට අත්වුණේ පරාජයයි”

”උතුරේ ඉතාමත් හොඳ කි‍්‍රකට් දස්කම් තියෙනවා. ඔවුන්ට අවස්ථාවක් ලැබෙන කම් බලා ඉන්නේ හොඳ දස්කම් පෙන්වන්න” යයි කුමාර් සංගක්කාර පැවසීය.

දින 5 ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, චමින්ද වාස් මෙන්ම අෂාන් මලලසේකර සහ රොහාන් ඊරියගොල්ල යන මහත්වරුන්ද භාරකාර මණ්ඩලයේ සාමාජිකයන් වන ‘ගුණ-ජය-සතුට’ පදනම විසිනි. ඒ සඳහා රෙඞ් ඩොට් සංචාරක සමාගමේත්, ශී‍්‍ර ලංකා යුද හමුදාවේ මෙන්ම තවත් සුවිශේෂී අනුග‍්‍රාහකයන් රැසකගේත් නොමසුරු දායකත්වය හිමිව තිබේ.

වසර 2012 දී පැවැති සමාරම්භක තරගාවලියේ ශූරතාව කොළඹ ශාන්ත පීතර විදුහල විසින් දිනාගන්නා ලද අතර කාන්තා තරගාවලියේ ශූරතාව යුද හමුදා කණ්ඩායම විසින් දිනාගන්නා ලදි.

මෙවර තරගාවලිය සඳහා ශාන්ත පීතර විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය, ති‍්‍රත්ව විද්‍යාලය, රිච්මන්ඞ් විද්‍යාලය, කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ඌව පළාතේ ඒකාබද්ධ කණ්ඩායම ආරාධනා ලැබ සිටිති.

 

තරග පැවැත්වෙන ස්ථාන සහ ඒ ඒ සථාන වල තරග වදින කණ්ඩායම්

යාපනය ශාන්ත පැට්ටි‍්‍රක් විද්‍යාලිය කී‍්‍රඩාංගණය
යාපනය ඒකාබද්ධ පාසල්, මන්නාරම/වව්නියා ඒකාබද්ධ පාසල්, කොළඹ ශාන්ත පීතර විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය

කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලය
කිලිනොච්චිය ඒකාබද්ධ පාසල්, මඩකලපුව/ති‍්‍රකුණාමලය ඒකාබද්ධ පාසල්, ති‍්‍රත්ව විද්‍යාලය සහ සීනිගම කි‍්‍රකට් කණ්ඩාම

ඔඞ්ඩුසුඩාන්  ඕවල් කී‍්‍රඩාංගණය
මුලතිව් ඒකාබද්ධ පාසල් කණ්ඩායම, ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය, කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ඌව පළාත් ඒකාබද්ධ පාසල් කණ්ඩායම

මාන්කුලම් මධ්‍ය මහා විද්‍යාල කී‍්‍රඩාංගණය
සීනිගම කාන්තා කණ්ඩායම, කොළඹ කෝල්ට්ස් කී‍්‍රඩා සමාජය, නිට්ටඹුව කාන්තා කණ්ඩායම සහ නැගෙණහිර පළාත් කාන්තා කණ්ඩායම

වව්නියාව මධ්‍ය මහා විද්‍යාලයීය කී‍්‍රඩාංගණය
උතුරු පළාත් කාන්තා කණ්ඩායම, ශක්ති කණ්ඩායම, යුද හමුදා කාන්තා කණ්ඩායම සහ උතුරු මැද පළාත් කාන්තා කණ්ඩායම

 

(ඡායාරෑපය - කුෂාන් පතිරාජ)


අදහස් (5)

මුරලි ‘සාම’ කුසලාන තරග 1 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.