Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මැකලම්, ටේලර් නවසීලන්ත පිලෙන් ඉවතට

මැකලම්, ටේලර් නවසීලන්ත පිලෙන් ඉවතට

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන මස 7 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණෙන නවසීලන්ත කණ්ඩායමට ඔවුන්ගේ ප‍්‍රබලතම පිතිකරුවන් දෙදෙනකු වන නායක බ්‍රෙන්ඩන් මැකලම් සහ හිටපු නායක රොස් ටේලර් ඇතුළත් නොවෙති. මේ වසර අගදී නවසීලන්තයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට සූදානම් වීම සඳහා තරග 5 කින් පමණක් සමන්විත කෙටි ශී‍්‍ර ලංකා සංචාරය සඳහා බ්‍රෙන්ඩන් මැකලම් සහ රොස් ටේලර් ඇතුළත් නොකිරීමට නවසීලන්ත තේරීම් කමිටු නිලධාරීන් තීරණය කර තිබේ.

නොවැම්බර් මස 3 වැනිදා ශී‍්‍ර ලංකාවේදී ආරම්භ වන තරගාවලිය එක්දින තරග දෙකකින් සහ විස්සයි/20 තරග දෙකකින් පමණක් සමන්විත වේ.

බ්‍රෙන්ඩන් මැකලම් නොපැමණෙන හෙයින් කේන් විලියම්සන් නවසීලන්ත පිලේ නායකයා වශයෙන් කටයුතු කරනු ඇත. කඩුලූ රැකීමේද සමත්කම් ඇති පිතිකරුවකු වන ලූක් රොන්ච් සහ ඉයන් බට්ලර් මැකලම් සහ රොස් ටේලර් දෙදෙනා වෙනුවට නවසීලන්ත පිලට එක්ව සිටිති.

නවසීලන්ත තේරීම් කමිටුවේ සාමාන්‍යාධිකාරී බෲස් එඞ්ගාර් මහතා පවසන්නේ ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන සීමිත  ඕවර තරගවලට කී‍්‍රඩා කරනවා වෙනුවට මැකලම් සහ ටේලර් දෙදෙනාම ටෙස්ට් තරගාවලියට පෙර රතු පන්දුවට හුරු වීම වඩාත් උචිත බවයි.

නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙසැම්බර් 3 වැනිදා සිට පැවැත්වෙන තරගාවලිය ටෙස්ට් තරග 3 කින් ආරම්භ වන අතර ඊට එක්චින තරග 5 ක් සහ වි:20 තරග දෙකක්ද ඇතුළත් වේ.

 


ශී‍්‍ර ලංකාවට පැමිණෙන නවසීලන්ත කණ්ඩායම

කේන් විලියම්සන් (නායක), කෝරි ඇන්ඩසන්, ඉයන් බට්ලර්, ඇන්ටන් ඩෙව්සිච්, ග‍්‍රාන්ට් එළියට්, ටොම් ලේතම්, මිචෙල් මැක්ලීන්හැන්, නේදන් මැකලම්, කයිල් මිල්ස්, ඇඩම් මිල්න්, කොලින් මුන්රෝ, ජේම්ස් නීශාම්, ලූක් රොන්ච සහ හමීෂ් රදර්ෆඞ්

නවසීලන්ත පිලේ ශී‍්‍ර ලංකා සංචාරයේ තරග කාලසටහන

  • නොවැ 10 : 1 වැනි එක්දින තරගය සූරියවැවදී
  • නොවැ 12 : 2 වැනි එක්දින තරගය සූරියවැවදී
  • නොවැ 16 : 3 වැනි එක්දින තරගය දඹුල්ලේදී
  • නොවැ 19 : 1 වැනි වි:20 තරගය පල්ලෙකැළේදී
  • නොවැ 21 : 2 වැනි වි:20 තරගය පල්ලෙකැළේදී

 


අදහස් (0)

මැකලම්, ටේලර් නවසීලන්ත පිලෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.