ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ මීලඟ පුහුණු කරුවා වශයෙන් මාවන් අතපත්තු මහතා හෝ මාක් ඬේවිස් මහතා පත්කිරීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයෙන් අද (6 වැනිදා) සවස ලැබුණු ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.
පුහුණුකරු තනතුර අපේක්ෂා කළ අයදුම්කරුවන්ගේ සැලසුම් ඉදිරිපත් කිරීමේදී අවස්ථාව අදට දී තිබූ අතර එහිදී මාවන් අතපත්තු මහතා සහ මාක් ඬේවිස් මහතා යන දෙදෙනාම ඉතා විශිෂ්ට සැලසුම් ඉදිරිපත් කර තිබුණ බව වාර්තාවේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවකු මෙන්ම නායකයකුද වන මාවන් අතපත්තු මහතා
කී‍්‍රඩා දිවිය හැරයාමෙන් පසුව දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ උපදේශකවරයා වශයෙන් කටයුතු කළේය. පසුව කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙසින්ද කටයුතු කළ මාවන් අතපත්තු මහතා මේ වන විටත් එම තනතුර දරයි.
දකුණු අපි‍්‍රකාවේ උපත ලද මාක් ඬේවිස් මහතා ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩා කරන නැතත් පළමු පෙළ තරග 127 කට සහභගි වී ඇති අතර එංගලන්තයේ සසෙක්ස් ප‍්‍රාන්තය වෙනුවෙන්ද කී‍්‍රඩා කර තිබේ. ඔහු පසුව සසෙක්ස් ප‍්‍රාන්තයේ පුහුණුකරු ලෙසද කටයුතු කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා අයදුම්කර තිබූ අය අතුරින් ශී‍්‍ර ලංකා පුහුණුකරුවන් තිදෙනකු සහ විදේශිකයන් දෙදෙනකු ඊයේ පැවැති සැලසුම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සඳහා තෝරා ගනු ලැබ තිබිණ.
ශ්‍රී ලංකා කි‍්‍රකට් මූලස්ථානයේදී පැවති සැලසුම් ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී ඉතාමත් විශිෂ්ට සැලසුම් ඉදිරිපත් කළ මාවන් අතපත්තු සහ මාක් ඬේවිස් යන දෙදෙනා අතුරින් පරීක්ෂක මණ්ඩලයේ වැඩි අවධානය මාක් ඬේවිස් මහතා වෙත යොමුව ඇතැයිද වාර්තා වේ. ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු තනතුර වෙනුවෙන් මාසිකව ඩොලර් 15000 ක දීමනාවක් සහ අනෙකුත් පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය එකඟ වී සිටින බවත් දැනගන්නට තිබේ.
කෙසේ වෙතත් මාක් ඬේවිස් මහතා ඒ සම්බන්ධයෙන් තමන්ගේ පවුලේ සාමාජිකයන් සමග සාකච්ඡකර ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම්දෙන තුරු පත්වීම පිළිබඳ අවසන් තීරණයක් නොගනු ඇතැයිද කියැවේ. යම් හෙයකින් මාක් ඬේවිස් මහතා මෙම තනතුර බාරගැනීමට අකමැති වුවහොත් එය මාවන් අතපත්තු මහතාට පැවරෙනු ඇත.
සැලසුම් ඉදිරිපත් කිරීම පරීක්ෂාකර බැලීම සඳහා ශී‍්‍ර ලංකා පිලේ හිටපු කී‍්‍රඩකයකු මෙන්ම කළමණාකරුවකුද වූ රංජිත් ප‍්‍රනාන්දු, ජාතික තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය, පුහුණු අධ්‍යක්ෂ ජෙරම් ජයරත්න සහ වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි සිල්වා යන මහත්වරු සහභාගී වූහ. ශ්‍රී ලංකා පිලේ නව පුහුණුකරුවා ලබන වසරේ මුලදී අවසන්වීමට නියමිත ශ්‍රී ලංකා-පකිස්තානු තරගාවලියෙන් අනතුරුව ජාතික කණ්ඩායමේ වගකීම බාරගනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.