පාසල් අතර වාර්ෂිකව පැවැත්වෙන මහ කි‍්‍රකට් තරග ආරම්භ කරමින් පළමු වැනි තරග දෙක හෙට සහ අනිද්දා (7 සහ 8) කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී සහ මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ශාන්ත ජෝෂප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර පැවැත්වෙන 80 වැනි මහ කි‍්‍රකට් තරගය කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අතර වේල්ස් කුමර විදුහල සහ ශාන්ත සෙබස්තියන් විදුහල අතර 64 වැනි තරගය මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
වෙනත් වසර වලදී මුලින්ම පැවැත්වෙන තර්ස්ටන් - ඉසිපතන තරගය මේ වසරේදී අපේ‍්‍රල් මාසය දක්වා කල්දමනු ලැබ ඇති අතර ආනන්ද - නාලන්දා මහ තරගයද තර්-ස්ටන් - ඉසිපතන තරගය පැවැත්වෙන දිනවලදීම කොළඹදී පැවැත්වේ.
දිවයිනේ තවත් ප‍්‍රසිද්ධ මහ කි‍්‍රකට් තරග කිහිපයක්ම පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක පවතින අතර ඒවා සම්බන්ධයෙන් තවමත් සාකච්ඡුා කෙරෙමින් පවතී.
ඇතැම් පාසල් අතර මහ කි‍්‍රකට් තරග වශයෙන් පැවැත්වෙන්නේ එක්දින තරගයි.
| පාසල් මහ ක‍්‍රිකට් තරග - 2014 | ||
| දිනය | තරගය | ස්ථානය |
| මාර්තු 7 - 8 | ශා. ජෝශප් - ශා. පීතර | සරවනමුත්තු පිටියේදී |
| මාර්තු 7 - 8 | ශා. සෙබස්තියන් - වේල්ස් කුමර | මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගනයේදී |
| මාර්තු 7- 8 | කෝට්ටේ සා. තෝමස් - ශී‍්‍ර ජයවර්ධනපුර විදුහල | ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී |
| මාර්තු 13-14-15 | කොළඹ රාජකීය - සා. තෝමස් | එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී |
| මාර්තු 13-14 | කැලණිය ගුරුකුල - ධර්මාලෝක | ආර්. පේ‍්‍රමදාස පිටියේදී |
| මාර්තු 14-15 | ත‍්‍රිත්ව - ශා. අන්තෝනි | අස්ගිරිය ක‍්‍රීඩාංගනයේදී |
| මාර්තු 21-22 | රිච්මන්ඞ් - මහින්ද | ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනයේදී |
| මාර්තු 21-22-23 | ශා. ශර්වේසස් - ශා. තෝමස් | මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී |
| මාර්තු 21-22 | මතුගම ශා. මරියා - ආනන්ද ශාස්ත‍්‍රාලය | මතුගම ශා. මරියා ක‍්‍රීඩාංගනයේදී |
| මාර්තු 21-22 | ශ්‍රී සුමංගල - මොරටු මහ විදුහල | මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගනයේදී |
| මාර්තු 24-25 | හොරණ තක්‍ෂිලා - පිළියන්දල ම.ම.වි. | පානදුර නගර සභා ක‍්‍රීඩාංගනයේදී |
| අපේ‍්‍රල් 4-5 | කළුතර ම.වි. - තිස්ස ම.ම.වි. | කළුතර නගර සභා ක‍්‍රීඩාංගනයේදී |
| අපේ‍්‍ර. 4-5 | තර්ස්ටන් - ඉසිපතන | එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී |
| අපේ‍්‍ර 4-5 | ආනන්ද - නාලන්දා | ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනයේදී |
එක්දින තරග
| දිනය | තරගය | ස්ථානය |
| මාර්තු 7 | ශා. මරියා - වෙන්නප්පුව ජෝෂප් වාස් | ඇල්බට් එෆ්. පීරිස් ක‍්‍රීඩාංගණයේදී |
| මාර්තු 9 | ශා. සෙබස්තියන් - වේල්ස් කුමර | මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගනයේදී |
| මාර්තු 15 | ශා. පීතර - ශා. ජෝශප් | ආර්. පේ‍්‍රමදාස පිටියේදී |
| මාර්තු 22 | ත‍්‍රිත්ව - ශා. අන්තෝනි | ශාන්ත අන්තෝනි විදුහල් ක‍්‍රීඩාංගනයේදී |
| මාර්තු 22 | රාජකීය - ශා. තෝමස් | එස්. එස්. සී. ක‍්‍රීඩාංගනයේදී |
| මාර්තු 23 | ශ්‍රී සුමංගල - මොරටු මහ විදුහල | මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගනයේදී |
| මාර්තු 23 | කැලණිය ගුරුකුල - ධර්මාලෝක | ආර්. පේ‍්‍රමදාස පිටියේදී |
| අපේ‍්‍රල් 6 | තර්ස්ටන් - ඉසිපතන | සරවනමුත්තු පිටියේදී |
| අපේ‍්‍රල් 6 | ඞී. එස්. සේනානායක - මහානාම | එස්. එස්. සී. ක‍්‍රීඩාංගනයේදී |
| අපේ‍්‍රල් 6 | කළුතර මහ විදුහල - තිස්ස මැදි මහ විදුහල | කළුතර නගර සභා ක‍්‍රීඩාංගනයේදී |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.