වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන චැම්පියන්ස් ලීග් තරගාවලියේදී තමා නායකත්වය දැරු සදර්න් එක්ස්ප‍්‍රස් කණ්ඩායමට අතහැර ඉන්දියානු ප‍්‍රිමියර් ලීග්හි තමන් කී‍්‍රඩා කරන කණ්ඩායම වන මුම්බායි ඉන්දියන් කණ්ඩායම නියෝජනය කිරීමට ගත් තීරණය පිළිබඳව මතුව ඇත්තේ මතභේදයකි. ඒ ගැන කරුණු පැහැදිලි කරන මාලිංග තමන් ගැඹුරින් සිතා බල ගත් මෙම තීරණයෙන් බොහෝ දෙනකුට ප‍්‍රතිලාභ අත්වන බව කීවේය.
”මා නිදහස් කිරීම (මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට) නිසා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට මුම්බායි ඉන්දියන් කණ්ඩායමෙන් ඩොලර් 150,000 ක් ලැබෙනවා. මගේ තැනට නවක ක‍්‍රීඩකයෙකුට පත්වීමට අවස්ථාවක් ලැබීමෙන් ඔහුට මෙම තරගයෙන් අපමණ වූ අත්දැකීම් ලබා ගන්නට අවස්ථාවකුත් හිමි වෙනවා. ඊට අමතරව අවසාන වශයෙන් මට ඉන්දියානු හිමිකරුගෙන් දඩයක් නියම වෙන්නෙත් නැහැ.’‘ මාලිංග පැවසීය.
මාලිංග ගේ මෙම තීරණයත් සමග පසුගිය වසරේ මෙවැනිම අසීරු තත්වයකට මුහුන දුන් කුමාර් සංගක්කාර ගැන මෙන් බොහෝ දෙනකු විමතියට පත්විය.
කෙසේ වුවත් සංගක්කාර අවසානයේදී තමා නියෝජනය කළ හයිද්‍රාබාද් සන්රයිස් කණ්ඩායම වෙනුවට දේශීය කණ්ඩායම සමග ක‍්‍රීඩා කිරීමට තීරණය කෙළේය. එම තීරණය නිසා ඔහුට විශාල මුදල් ප‍්‍රමාණයක් අහිමි විය.
කෙසේ වෙතත් මාලිංග මෙවර දේශීය කණ්ඩායම නියෝජනය කිරීමට තීරණය කෙළේ නම් ඔහුට රුපියල් දශ ලක්ෂ 24 කටවඩා අහිමි වනු ඇත. ඬේලි මිරර් සමග පැවැත් වූ විශේෂ සාකච්ඡවක දී මාලිංග අයි. පී. එල් කණ්ඩායමක් නියෝජනය කිරීමට ගත් තීරණයේ තමාගේ පැත්ත පැහැදිලි කෙළේය.
”මගේ තීරණය ගැන මහත් ආන්දෝලනයක් ඇතිව තිබෙනවා. එම නිසා මම ශ‍්‍රී ලාංකික ක‍්‍රිකට් ලෝලින්ට කරුණු පැහැදිලි කළ යුතුයි.” මාලිංග පැවසුවේය.
”ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට ලිපියක් යවමින් මගේ සේවාවන්ගෙන් උපයා ගත් මෙම මුදල් එහි අයවැය ලේඛනයට පිටින් ලැබුණු ආදායමක් නිසා එය ආර්. පේ‍්‍රමදාස අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයට (ඛෙත්තාරාම) අත්‍යවශ්‍ය වූ පිහිණුම් තටාකයක් ඉදි කිරීමට යෝජනා කළා. දැන් ජාතික කණ්ඩායම පුහුණුවීම් කරන්නේ එතැන. මෙම පහසුකම් නැති නිසා ජාතික ක‍්‍රිකට් සංචිතයේ ක‍්‍රීඩකයන්ට පිට්ටනියේ හා ක‍්‍රීඩාගාරයේ දැඩි වෙහෙසකර පුහුණුවීම් වලින් පසුව විවේකයක් ලැබීමට පිහිනීමට තැනක් නැහැ”
තම දණහිසේ ආබාධයක් හට ගත් අවස්ථාවේ පිහිනුම් තටාකයේ කළ අභ්‍යාස නිසා ඉක්මණින් සුව වී නැවත ක‍්‍රීඩා පිටියට පිවිසීමට හැකි වූ බවද මාලිංග සිහිපත් කෙළේය. දැනටත් ජාතික සංචිතයේ ක‍්‍රීඩකයක් කීප දෙනෙකුටම දණහිසේ ආබාධ පවතින නිසා එවැනි ස්ථානයක අවශ්‍යතාවය තදින් දැනේ.
”කලින් පුහුණුවීම් එස්. එස්. සී. හෝ එන්. සී. සී. ක‍්‍රීඩා සමාජයේ පැවැත් වූ නිසා හරිම පහසුයි. ඒ සියලූ පහසුකම් ඒවායේ තිබුණා. දැන් අපේ පුහුණුවීම් වලින් පසුව නැවතත් පිහිනුම් අභ්‍යාස සඳහා වාහනයේ නැගී පිහිනුම් තටාකයක් සොයා යන්න වෙනවා”
”පසුගිය වසර හතර ඇතුළත ලෝක කුසලාන අවසන් තරග පහකට සහභාගි වූ රටක් මෙවැනි මූලික අවශ්‍යතාවයක් නොසලකා සිටීම කණගාටුවට කරුණක්.” යයිද මාලිංග පැහැදිලි කෙළේය.
මෙවැනි ස්ථානයක අත්‍යාවශ්‍ය වූ ”අයිස් ස්නානය කිරීමේ පහසුකම්” තිබිය යුතු බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ පුහුණු අංශයේ ප‍්‍රධානි ජෙරොම් ජයරත්න මහතාද කීවේය.
”මෙම වසරේ අයි. පී. එල්. තරගාවලිය නිම වීමෙන් පසුව මා නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් පිල ශූරයන්ගේ ලීග් තරගාවලියට සුදුසුකම් ලබනවා. අපි දේශීය සුපර් ෆෝ විස්සයි විස්ස තරගයට පැවැත් වූයේ ඉන් බොහෝ දිනකට පසුව. ජයග‍්‍රහණය කළ කණ්ඩායමේ නායකයා වූයේ මමයි.” වේග පන්දු යවන ක‍්‍රීඩකයා වැඩි දුරටත් පැහැදිලි කෙළේය.
පසුගිය වසර අටක් තිස්සේම තමා ක‍්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කිරීමට නිදහස් කරන මෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලිපියක් යැවු බව මාලිංග සඳහන් කෙළේය. සුදුසු තීරණය ගැනීම තමාටම පවරමින් ලිපියක් ලැබුණ බවද ඔහු කීවේය.
පෙනී සිටීමේ ගාස්තු වශයෙක් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට ලැබෙන ඇමරිකානු ඩොලර් 500,000 මුදලින් වැඩිම කොටසක් සදර්න් එක්ස්ප‍්‍රස් ක‍්‍රීඩකයන්ට ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ බවද ඔහු සඳහන් කෙළේය.
”මෙම ඉල්ලීම ආපසු මටම දොස් පැවරීමකට හේතු වෙලා”
”මිනිස්සු කියන්නෙ මම සල්ලි පස්සෙම යනවා කියා. ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් මට බොහෝ දේ ලැබුණ බව ඇත්තක්. ගිවිසුම් නැති ක‍්‍රීඩකයන්ට ආම්පන්න ගැනිමට තියෙන අපහසුව මම දන්නවා. සදර්න් එක්ස්ප‍්‍රස් කණ්ඩායමේ ගිවිසුම් ක‍්‍රීඩකයන් වන්නේ තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා සහ මා පමණයි. සුපර් ෆෝ තරගයේ ජයග‍්‍රාහකයන්ට ලැබිය යුතු තෑගි මුදල් තවමත් ලැබී නැති බවත් මම කියන්න ඕන”යයිද මාලිංග එකතු කෙළේය.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ආරංචි මාර්ග පවසන ආකාරයට අනුග‍්‍රාහකයන්ගෙන් මුදල් තවමත් ඔවුන්ට ලැබී නැති නිසා ජයග‍්‍රාහක කණ්ඩායම අතර රුපියල් ලක්ෂ පහළොවක් මෙතෙක් බෙදා දී නැත. ගිවිසුම් නැති කී‍්‍රඩකයන්ට තෑගි මුදල් වශයෙන් ලැබිය යුතු ආසන්න වශයෙන් රුපියල් 80,000 මුදල ද ලැබී නැත.
මාලිංගගෙන් ලිපියක් ලැබී ඇති බවත් ඉල්ලීමක් කිරීම ඔහුගේ අයිතියක් බවත් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේය.
ඛෙත්තාරාම පිටිය අසළ අක්කර තුනක භූමි භාගයක් වෙන් කර ඇති බවත් එහි කි‍්‍රකට් ක‍්‍රිඩකයන් ගේ පහසුව සඳහා නිවාස ඉදි කිරීමේ සැලැසුම් පවතින බවද ඔහු පැහැදිලි කෙළේය.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටුවේ සාමාජික ෂම්මි සිල්වා මහතා කරුණු පැහැදිලි කරමින් ලසිත් මාලිංග ක‍්‍රීඩාව ගැන වැඩි අවධානය යොමු කළ යුතු බවත් පරිපාලන කටයුතු සහ සැලසුම් ආයතනයට හිමි කටයුත්තක් බවත් කීවේය.
”පිහිනුම් තටාකය සහ යටිතල පහසුකම් එයාගේ වැඩක් නොවෙයි. ඉන්දියානු තරග නියෝජනයෙන් ඔහුට රුපියල් දශ ලක්ෂ 24 ක් අහිමි වන්නේ නැහ. එයාට දුක් වෙන්න දෙයක් නැහැ”
”සැලසුම්... සැලසුම්.... අපිට ඇහෙන්නේ එච්චරයි. සැලසුම් කරන්න තව කොපමණ කලක් යාවිද?” ඒ ෂම්මි සිල්වා මහතාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මාලිංගගේ ප‍්‍රතිචාරයයි.
ඬේලි මිරර් ඇසුරිනි
පරිවර්තනය: මහින්ද හත්තක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.