Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බොතම්, මහේල කිලිනොච්චියේදී හරසර ලබති

බොතම්, මහේල කිලිනොච්චියේදී හරසර ලබති

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

සමාජ සත්කාර පාගමනක් සඳහා මේ දිනවල ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින එංගලන්ත පිලේ හිටපු නායකයකු මෙන්ම විශිෂ්ටතම තුන් ඉරියව් කී‍්‍රඩකයකු වූ ශී‍්‍රමත් ඉයන් බොතම් සහ මහේල ජයවර්ධන මුරලි කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සමාරම්භක උත්සවයට එක්වූහ.

කි‍්‍රකට් ලෝකයේ එදා සහ අද දැවැන්තයන් දෙදෙනකු වන ශී‍්‍රමත් ඉයන් බොතම් සහ මහේල ජයවර්ධන කි‍්‍රකට් ලෝකයේම තවත් සදා නොමැකෙන වීරයකු වන මුත්තයියා මුරලිදරන් නමින් හැඳින්වෙන ‘මුරලි සාම කුසලාන’ වෙනුවෙන් පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියක පළමු තරගය සඳහා කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවටද එක්වූහ.

කිලිනොච්චිය මහා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ සමාරම්භක උත්සවයේදී 2000 කට අධික පිරිසක් විසින් මහත් හරසරින් පිළිගන්නා ලද ශී‍්‍රමත් ඉයන් බොතම් සහ මහේල ජයවර්ධන පසුව පාගමනට එක්වූහ.

කිලෝ මීටර 160 ක දුරකින් යුත් මෙම සමාජ සත්කාර පාගමන ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන නගර 8 ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. එයින් ලැබෙන ආදායම උතුරු නැගෙණහිර පළාත්වල යුද්ධයෙන් විපතට පත්වූවන්ගේත් වසර 2004 දී ඇතිවූ සුනාමියෙන් විපතට පත් දකුණු පළාතේ ශී‍්‍ර ලාංකිකයන්ගේත් ජීවන තත්ත්වය නැංවීමට යොදා ගැනේ.

අන්තර්ජාතික සමාජ සත්කාර ආයතනයක් වන ලෝරියස් සුහදතා පදනම සහ ශී‍්‍ර ලංකාවේ ගුණ-ජය-සතුට පදනම එක්ව මෙම පා ගමන සංවිධානය කරයි.

 

(ඡයාරූප : තුසිත් විජේදෝරු)

 


අදහස් (1)

බොතම්, මහේල කිලිනොච්චියේදී හරසර ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.