ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ හිටපු නායකයකු මෙන්ම වත්මන් තේරීම් කමිටු සභාපතිවරයාද වන සනත් ජයසූරිය මහතා තැපැල් සේවා නියෝජ්‍ය ඇමතිවරයා ලෙෂ පත්වීමෙන් පසුව සිය පළමු නිල උත්සවයට අද සහභාගි විය. ශී‍්‍ර ලංකාවේ බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් ජෝන් රැන්කින් මහතාගේ නිල නිවස වස ‘වෙස්ට්මිනිස්ටර් හවුස්’ හි පැවැති මුද්දර නිකුත් කිරීමේ අවස්ථාව නියෝජ්‍ය ඇමතිවරයාගේ මුල්ම නිල උත්සවය විය.
වසර 20-14 දී ස්කොට්ලන්තයේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල සඳහා මහ රැජන විසින් නිකුත් කරනු ලබන පණිවුඩය රැගත් ‘රැජනගේ යෂ්ඨිය’ කොළඹට පැමිණීම නිමිත්තෙන් බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදී මෙම මුද්දර තුන නිකුත් කරන ලදි.
මෙම අවස්ථාවට ශී‍්‍ර ලංකාවේ පොදුරා්‍ය මණ්ඩලීය කී‍්‍රඩා සම්මේලනයේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු, එහි ලේකම් මැක්ස්වෙල් ද සිල්වා, ශී‍්‍ර ලංකාවේ බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් ජෝන් රැන්කින් මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඡයාරූපය : ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.