Last Update  :  2025-06-28 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner චමරි නායකත්වය රඳවාගනී

චමරි නායකත්වය රඳවාගනී

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් 2021 වසරේ නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග මාලාවේදී එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගවලිය මේ මස 16 වැනිදා සිට ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. මෙම තරගාවලිය සඳහා 15 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ.

තුන් ඉරියව් ක්‍රීඩිකා චමරි අතපත්තු මෙම තරගාවලියේදී ද නායිකාව ලෙස කටයුතු කරන්නීය. මේ දක්වා එක්දින තරග 78 කට සහභාගි වී ඇති චමරි අතපත්තු එහිදී ශතක 4 ක් සමගින් ලකුණ 2437 ක් ලබාගෙන ඇත
මෙහි පළමු එක්දින තරග දෙක සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ මස 16 සහ 18 දෙදින ද, අවසන් එක්දින තරගය 21 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

දෙරට අතර විස්සයි20 තරග තුන මේ මස 24, 26 සහ 28 යන දිනවල කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් සංචිතය:   
චමරි අතපත්තු (නායිකා), ප්‍රසාදිනී වීරක්කොඩි, අනුෂ්කා සංජීවනී, හංසිමා කරුණාරත්න, හසිනි පෙරේරා, සුගන්දිකා කුමාරි, හර්ෂිතා මාධවි, ශෂිකලා සිරිවර්ධන, නිලක්‍ෂික ද සිල්වා, ඉනෝෂි ප්‍රනාන්දු, කවීෂා දිල්හාරි, අචිනි ලොකුසූරිය, උදේෂිකා ප්‍රබෝදනී, ඉනෝකා රණවීර සහ ඕෂදී රණසිංහ

 

- 048


අදහස් (0)

චමරි නායකත්වය රඳවාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.