අවසන් ඕවර කිහිපයේදී පන්දු 16 කින් ලකුණු 22 ක් උදුරාගත් ඉසුරු උදාන කඳුරට කී‍්‍රඩකයන්ගේ නළල රැළි නැංවූ නමුත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අල්ට‍්‍රා ටෙක් ‘සුපිරි 4’ විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ තෙවැනි තරගයේදී බස්නාහිර ගී‍්‍රන්ස් පිල පරදවා ලකුණු 2 ක තියුණු ජයක් ලබාගැනීමට කඳුරට මෙරූන්ස් කී‍්‍රඩකයෝ සමත් වූහ. මෙම තරගය අද (12 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.
ලකුණු 125 ක ඉලක්කයක් කරා ගිය බස්නාහිර ගී‍්‍රන්ස් පිලට ඕවර 20 කදී ලබාගත හැකිවූයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 122 ක් පමණි.
බස්නාහිර පිලේ හත්වැනි පිතිකරුවා වශයෙන් ලකුණු 77 දී නුවන් කුලසේකර දැවී යාමෙන් පසුව එක්වූ කිත්රුවන් විතානගේ සහ ඉසුරු උදාන පන්දු 30 කදී ලකුණු 44 ක් එක්කරමින් බස්නාහිර පිල ඉදිරියට තල්ලූකරගෙන ගියද ඉසුරු උදාන දැවී යාමත් සමගම බස්නාහිර අපේක්‍ෂා බිඳ වැටිණ.
කාසියේ වාසිය දිනා ගත් බස්නාහිර ගී‍්‍රන්ස් පිල මුලින්ම පන්දුවට පහර දීමට කදුරට මෙරූන්ස් කණ්ඩායමට ආරාධනා කළේය. කෝසල කුලසේකර (23/2) සහ ඉසුරු උදාන (32/2) කඩුලූ දෙකක් බැගින් දවාගත් අතර කඳුරට පිලේ කිසිවකුට ලකුණු 30 ඉක්මවා යාමට බස්නාහිර පන්දු යවන්නෝ අවසර නොදුන්හ. ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ උපුල් තරංග ලබාගත් ලකුණු 27 යි.
කදුරට මෙරූන්ස්
උපුල් තරංග - ඇ.ලක්මාල් ප.උදාන 27
ශෙහාන් ජයසුරිය - ඇ.විතානගේ ප.ලක්මාල් 3
කෞෂාල් ලොකුආරච්චි - ඇ.සේනානායක ප.උදාන 6
කුමාර් සංගක්කාර - දුවද්දී දැවී ගියා 17
චාමර සිල්වා - ඇ.රූපසිංහ ප.මැතිව්ස් 0
ළහිරු තිරිමාන්න - ඇ.ද සිල්වා ප.කුලසේකර 22
දිල්හාර ලොකුහෙට්ටිගේ - ඇ.මුණවීර ප.කුලසේකර 3
මිලින්ද සිරිවර්ධන - නොදැවී 24
නුවන් කුලසේකර - දුවද්දී දැවී ගියා 6
ධම්මික ප‍්‍රසාද් - නොදැවී 5
අතිරේක 11
එකතුව ඕවර 20 කදී කඩුලූ 8ක් දැවී 124
කඩුලු වැටීම:
1-12 (ජයසුරිය), 2-28 (ලොකුආරච්චි), 3-54 (සංගක්කාර), 4-55 (සිල්වා), 5-74 (තරංග), 6-85 (තිරිමාන්න), 7-88 (ලොකුහෙට්ටිගේ), 8-101 (කුලසේකර)
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයා:
අජන්ත මෙන්ඩිස්
පන්දු යැවීම:
සුරංග ලක්මාල් : 4-0-14-1, සචිත‍්‍ර සේරසිංහ : 1-0-10-0, සචිත‍්‍ර සේනානායක : 4-0-16-0, ඉසුරු උදාන : 4-0-32-2, ඇන්ජලෝ මැතිව්ස් : 3-018-1, කෝසල කුලසේකර : 3-0-23-2, ජනක ගුණරත්න : 1-0-5-0
බස්නාහිර ග‍්‍රීන්ස්
ඩිල්ශාන් මුණවීර - ඇ.සිරිවර්ධන ප.ප‍්‍රසාද් 15
සචිත‍්‍ර සේරසිංහ - ප.ලොකුආරච්චි 26
ගිහාන් රූපසිංහ - ස්ට.සංගක්කාර ප.ජයසුරිය 5
ඇන්ජලෝ මැතිව්ස් - ස්ට.සංගක්කාර ප.ලොකුආරච්චි 1
ජනක ගුණරත්න - ඇ.සංගක්කාර ප.ලොකුආරච්චි 0
කිත්රුවන් විතානගේ - නොදැවී 37
චතුරංග ද සිල්වා - ස්ට.සංගක්කාර ප.ජයසුරිය 1
කෝසල කුලසේකර - ඇ.ප‍්‍රසාද් ප.ජයසුරිය 4
ඉසුරු උදාන - ඇ.තිරිමාන්න ප.ප‍්‍රසාද් 24
සචිත‍්‍ර සේනානායක - නොදැවී 0
අතිරේක 9
එකතුව ඕවර 20 කදී කඩුලූ 8ක් දැවී 122
කඩුලු වැටීම: 1-31 (මුණවීර), 2-45 (රූපසිංහ), 3-48 (මැතිව්ස්), 4-48 (ගුණරත්න), 5-53 (සේරසිංහ), 6-56 (ද සිල්වා), 7-74 (කුලසේකර), 8-118 (උදාන)
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයා: සුරංග ලක්මාල්
පන්දු යැවීම:
නුවන් කුලසේකර : 4-0-30-0, දිල්හාර ලොකුහෙට්ටිගේ : 2-0-7-0, අජන්ත මෙන්ඩිස් : 4-0-22-0, ධම්මික ප‍්‍රසාද් : 3-0-25-2, කෞෂාල් ලොකුආරච්චි : 4-0-25-3, ශෙහාන් ජයසුරිය : 3-0-7-3
ඡායාරූපය : ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.