Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියාවට ඉනිමක ජයක්

ඉන්දියාවට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඉන්දීය පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ කොල්කටාහි ඊඞ්න් ගාඞ්න් ක‍්‍රීඩාගංණයේ පැවැති පළමු ටෙස්ට් තරගය දින තුනකින් අවසන් කළ ඉන්දීය ක‍්‍රීඩකයෝ ඉනිමක සහ ලකුණු 51 ක ජයක් ලැබූහ.

තරගයේ තෙවැනි දිනය වූ අද (08) කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 168 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. දෙවැනි දිනය අවසන් වන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 354 ක් ලබා සිටි ඉන්දිය පිල ලකුණු 453 ක් රැස්කිරීමට සමත් විය.

රෝහිත් ශර්මා (177) සහ රවිචන්ද්‍රකුමාර් අෂ්වින් (124) ලකුණු 156 කට කඩුලූ හයක් දැවී සිටියදී හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 280 ක සම්බන්ධතාවක් පවත්මින් ලකුණු 453 ක් දක්වා රැගෙන ඒමට සමත් වූහ. 

මෙම තරගයේදී ටෙස්ට් වරම් ලැබූ රෝහීත් ශර්මා පළමු ටෙස්ට් ඉනිමේදී ශතකයක් රැුස්කළ 14 වැනි ඉන්දියානුවා බවට පත්වෙමින් පන්දු 301 කදී හතරේ පහර 23 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 177 ක් රැස්කිරීමට සමත් විය. රෝහිත් ශර්මා තරගයේ වීරයා ලෙස ද සම්මාන ලැබීය.

ප‍්‍රබල ඉන්දීය පිතිකරු ලැයිස්තුවේ අංක අට ස්ථානයේ පන්දුවට පහර දුන් රවිචන්ද්‍රකුමාර් අෂ්වින් සිය දෙවැනි ටෙස්ට් ශතකය ලබාගත්තේය. පන්දු 210 කට මුහුණ දුන් අශ්වින් හතරේ පහර 11 ක් සමගින් ලකුණු 124 ක් ලබාගත්තේය.

 


බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම 234

ඉන්දීය පිල පළමු ඉනිම 453
(ශීකර් දාවන් 23, මුරලි විජේ 26, චෙටෙෂ්වර් පුජාරා 17, රෝහිත් ශර්මා 177, මහේන්ද්‍ර සිං දෝනි 42, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 124, ෂේන් ශිලින්ෆෝඞ් 167/6)

බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම 168
(ක‍්‍රිස් ගේල් 33, කිරාන් පවෙල් 36, ඩැරන් බ‍්‍රාවෝ 37, ශිවනරින් චන්ද්‍රපෝල් නොදැවී 31, මොහොමඞ් ශමි 47/5, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 46/3)


- 048
 

 

 


අදහස් (1)

ඉන්දියාවට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.