Last Update  :  2025-10-24 20:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ආසියානු කුසලාන තරගාවලියෙන් චන්දිමාල් ඉවතට

ආසියානු කුසලාන තරගාවලියෙන් චන්දිමාල් ඉවතට

Nisanka Sandeepani - 2018 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී මේ මස 15 වැනිදා ආරම්භ වන 14 වැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ප්‍රබල පිතිකරු දිනේෂ් චන්දිමාල්ට සිය ඇඟිල්ලේ ඇතිවූ ආබාධය හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවී තිබේ. 

චන්දිමාල්ගේ ස්ථානයට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කැඳවා තිබේ. 

පල්ලෙකැලේදී පසුගිය මස 30 වැනිදා පැවැති ප්‍රධානතම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තරගයක චන්දිමාල් කඩුලු රකිමින් සිටියදී ආබාධයකට ලක්විය. එහිදී චන්දිමාල්ගේ දකුණු අතේ මැද ඇඟිල්ල පොළවේ වැදීමෙන් පිපිරීමකට ලක්විය.

චන්දිමාල්ට සති තුනක පමණ කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති අතර ඔහුගේ ඇඟිල්ලේ තවමත් සුළු වේදනාවක් ඇති බව වාර්තා වේ. ඒ අනුව චන්දිමාල්ට මේ මස 21 වැනිදා වන විට පන්දුවට පහරදීමේ සුළු පුහුණුවීම් ආරම්භ කරන ලෙස උපදෙස් ලැබී තිබේ.

චන්දිමාල් ටෙස්ට් පිලේ නායකයා වීම නිසා එළඹෙන එංගලන්ත සංචාරයට ඔහු ආරක්‍ෂාකරගැනීම සඳහා සම්පූර්ණ ආසියානු කුසලාන තරගාවලියෙන්ම විවේක ගන්වා තිබේ.  ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (12) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. 
 

 


අදහස් (0)

ආසියානු කුසලාන තරගාවලියෙන් චන්දිමාල් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.