Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ‘සල්පිටි රයිගම් හටන’ විසඳුමකින් තොරයි

‘සල්පිටි රයිගම් හටන’ විසඳුමකින් තොරයි

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය සහ පිළියන්දල මධ්‍ය මහ විද්‍යාලය අතර මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී අද (27) අවසන් වූ ‘සල්පිටි රයිගම් හටන’ 15 වැනි වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය.

තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද පස්වරුවේ තරගය අවසන් වන විට පිළියන්දල මධ්‍ය මහ විද්‍යාලය දෙවැනි ඉනිමේදී කඩුල්ලක් දැවී ලකුණු 7 ක් රැස්කර සිටියේය.

වමතින් දඟ පන්දු යවන කනිෂ්ඨ ක‍්‍රීඩක හේෂාන් මධුසංඛ දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් දෙවැනි ඉනිමේදී ලකුණු 82 කට කඩුලූ 5 ක් සමගින් ලකුණු 123 කට කඩුලූ 10 ක් දවා ගැනීමට සමත් විය.

තක්‍ෂිලා විදුහල් දෙවැනි ඉනිමේදී නායක ඔමල් චතුරංග විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් නොදැවී ලකුණු 54 ක් රැස්කිරීමෙන් පිළියන්දල මධ්‍ය මහ විද්‍යාලය පූර්ණ ජයග‍්‍රහණය කෙරෙහි තබා තිබූ බලාපොරොත්තු සුන්වී ගියේය.

පළමු දිනයේ ක‍්‍රීඩාව අවසන් වන විට කඩුලූ 6 ක් දැවී ලකුණු 104 ක් රැස්කර සිටි පිළියන්දල මධ්‍ය මහ විද්‍යාලය පළමු ඉනිම අද ලකුණු 170 කට සීමා විය.

තක්‍ෂිලා විදුහල් දකුණතින් වේග පන්දු යවන නවිඳු ඩිල්ෂාන් ලකුණ 29 කට කඩුලූ 5 ක් දවා ගත්තේය.

පිළියන්දල මධ්‍ය මහ විද්‍යාලයේ හේෂාන් මධුසංඛ තරගයේ වීරයා සහ දක්‍ෂතම පන්දු යවන්නා යන සම්මාන දෙක දිනා ගැනීමට සමත් විය.

තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලයේ ඔමල් චතුරංග දක්‍ෂතම පිතිකරු ලෙස ද, චමිඳු ගිම්හාන් දක්‍ෂතම පන්දු රකින්නා ලෙස ද, සම්මාන ලැබූහ.


තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය පළමු ඉනිම ඕවර 39.3 කදී සියලූ දෙනා දැවී 100
(අෂාන් සම්පත් 27, හේෂාන් මධුසංඛ 41/5, වසිත් විමුක්ති 21/2)

පිළියන්දල මධ්‍ය මහ විද්‍යාලය පළමු ඉනිම  ඕවර 77.3 කදී සියලූ දෙනා දැවී 170
(හර්ෂණ ගෝමස් 47, විමුක්ති සඳමාල් 23, චමිල සඳරු නොදැවී 33, තිළිණ තාරින්ද 47/2, නවිඳු මියුෂාන් 29/5)

තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය දෙවැනි ඉනිම  ඕවර 60 කදී කඩුලූ 6 ට 198
(ඔමල් චතුරංග නොදැවී 54, රවිඳු කල්හාර 34, නවිඳු මියුෂාන් 23, හේෂාන් මධුසංඛ 82/5)

පිළියන්දල මධ්‍ය මහ විද්‍යාලය දෙවැනි ඉනිම ඕවර 7 කදී කඩුලූ 1 ට 7

 


අදහස් (0)

‘සල්පිටි රයිගම් හටන’ විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.