Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ක‍්‍රීඩා කරන පාදුක්ක සිරි පියරතන විදුහල් පිලේ නායක ඩිල්ෂාන් මධුසංඛ මෙම තරග වාරයේදී ලකුණු 1,000 සීමා පසු කිරීමට අද (18) සමත් විය. ඩිල්ෂාන් මධුසංඛ මේ වන විට තරග 14 කදී ලකුණු 1,113 ක් රැස් කිරීමට සමත්ව සිටියි.
නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලට එරෙහිව ඊයේ (18) අවසන් වූ තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 139 ක් රැස්කරමින් මධුසංඛ ලකුණු 1000 සම්පූර්ණ කළේය.
දකුණතින් පිත්ත හසුරුවන මධුසංඛගේ ලකුණු 1000 ට ශතක සහ අර්ධ ශතක 4 බැගින් අන්තර්ගත වේ. බලපිටිය රේවත විදුහලට එරෙහිව රැස්කළ ලකුණු 174 මධුසංඛගේ මෙම තරග වාරයේ ඉහළතම ඉනිම වේ.
මධුෂංඛ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලට එරෙහිව ලකුණු 139 ක්, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලට එරෙහිව ලකුණු 112 ක් සහ කළුතර මහ විදුහලට එරෙහිව ලකුණු 108 ක් ද, රැස් කිරීමට සමත්ව සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.