Last Update  :  2026-04-02 21:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ​ශාන්ත ජෝෂප් විදුහල අවසන් පූර්ව වටයට

​ශාන්ත ජෝෂප් විදුහල අවසන් පූර්ව වටයට

editorial - 2026 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ තලයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල ඉරිදා (29) සමත් විය. ඒ කුරුවිට යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරාජය කරමිනි. 

ජයග්‍රහණය සඳහා ලකුණු 97 ක ඉලක්කයක් හඹා ගිය ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩකයෝ කඩුලු 7 ක් දැවී ඉලක්කය සපුරා ගත්හ. ජනිත් පණ්ඩිතරත්න ලකුණු 54 කට කඩුලු 4 ක්ද, සදීෂ සිල්වා ලකුණු 42 කට කඩුලු 3 ක්ද දවාගත් නමුත් ඔවුට ශාන්ත ජෝෂප් විදුහලේ ජයග්‍රාහී මාවත අවහිර කිරීමට නොහැකි වූහ. 

මෙම තරගයේදී ශාන්ත ජෝෂප් විදුහලේ විග්නේෂ්වරන් ආකාෂ් කඩුලු 11 ක්ද, විශ්ව පීරිස් කඩුලු 8 ක්ද බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර කණ්ඩායමේ දෙකේම එකදු පිතිකරුවකු හෝ අර්ධ ශතකයක් ලබාගැනීමට අපොහොසත් වීමද එහිදී කැපී පෙණුන සිදුවීමක් බවට පත් විය. 


ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 204 
(සවී ප්‍රනාන්දු 34, දිනෙත් ද සිල්වා 33, ජේසන් ප්‍රනාන්දු 37, තරීන් සංකේත් 19, සදීෂ සිල්වා 24, එවාන් රොද්‍රිගූ 17, දිමල්ෂ ජයවර්ධන 19, විශ්ව පීරිස් 54/6, විග්නේෂ්වරන් ආකාෂ් 66/3)
 
ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 187 
(යෙනුල දන්තනාරායන 29, දිල්ප මධුරංග 38, චේතින කාවින්ද 18, නුෂාන් පෙරේරා 27, සදීස සිල්වා 52/4, එවාන් රොද්‍රිගූ 12/2, ජනිත් පණ්ඩිතරත්න 60/2)
 
ශාන්ත ජෝෂප් විදුහල් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 79 
(ජේසන් ප්‍රනාන්දු 25, විග්නේෂ්වරන් ආකාෂ් 21/8, විශ්ව පීරිස් 37/2) 

ශාන්ත පීතර විදුහල් දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 98 
(අවීෂ සමාෂ් 32, සෙනුජ වකුණගොඩ 24, ජනිත් පණ්ඩිතරත්න 54/4, සදීෂ සිල්වා 42/3) 


අදහස් (0)

​ශාන්ත ජෝෂප් විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.