Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ​රන්මිණි සටන 08-09

​රන්මිණි සටන 08-09

editorial - 2024 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රත්නපුර විශේෂ අප්සරා යෝසිත් විජේසූරිය)

රත්නපුර සීවලීමධ්‍ය විද්‍යාල ජාතික පාසල ශහ පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලය අතර රන්මිණි සටන වාර්ෂික මහා ක්‍රිකට් තරඟය මේ මස 08, 09 යන දිනවලදී රත්නපුර මහ නගරසභා සීවලී ක්‍රීඩාංගනයදී පැවැත්වේ.

මෙවර රන්මිණි සටන මහා ක්‍රිකට් තරඟයේදි සීවලිමඩ්‍ය විද්‍යාලයේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සනුජ නිඳුවරට පැවරී තිබේ.ගන්කන්ද මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම මෙහෙයවනු ලබනුයේ රුසිරු තාරක විසිනි.

වසර 2010දී  ආරම්භ වූ  සීවලී - ගන්කන්දමධ්‍ය විඳුහල් අතරරන්මිණි සටන  මහා ක්‍රිකට් තරඟයේ එමපළමුවරට පැවති තරඟයද ඇතුළුවතරඟ 07ක් ජයපරාජයෙන් තොරව නිමාවට පත්වඇත.

මෙම විද්‍යාල දෙක මෙතෙක් පැවති මහා ක්‍රිකට් තරඟයන්හිදී සීවලී මධ්‍ය විද්‍යාලය තරඟ 03ක් ජයග්‍රහණය ලබාගෙන ඇති අතර, එක් තරඟයකදී ගන්කන්ද මධ්‍ය විද්‍යාලය ජය හිමිකර ගෙන තිබේ.

ඒ අනුව 2011දී ලියොන් මධුෂාන්ගේ නායකත්වය යටතේඉනිමකින් සහ ලකුණු 123කින් සීවලී මධ්‍ය විද්‍යාලයජයග්‍රහණය ලබාඇත.යළිත් 2018වසරේදීටිෂාන් සචින්තගේ නායකත්වයෙන් සීවලී මැදි විදුහල ඉනිමකින් හා ලකුණු 125කින් ජය ලැබීය.

ඉන්පසුව 2019 වසරේදී පැවති රන්මිණි සටන මහා ක්‍රිකට් තරඟයේදි ආකාෂ් මලින්දගේ නායකත්වයෙන් කඩුලු හයක විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට සීවලී මධ්‍ය විද්‍යාල කණ්ඩායම සමත්විය. කණ්ඩායම් නායක රවින්ද්‍රශාන්ගේ මෙහෙයවීමෙන් 2022 වසරේදී මේ මහා ක්‍රිකට් තරඟය ජය ලැබීමට ගන්කන්ද මධ්‍ය විද්‍යාල කණ්ඩායම සමත්විය. 2023 වසර තරඟය ජය පැරදුමෙන් තොරව නිමවිය.

මෙවර තරඟ වාරයේ සීවලි විද්‍යාලය වෙනුවෙන් තරඟ 06කදී අර්ධ ශතක 02ක් සමඟ ල්කුණු 259ක් ලබාගැනීමට චතූප කවිශාන් සමත්ව ඇත. තරඟ 05ක්දී ලකුණු 94ක්ද,පන්දු යැවීමේදී කඩුලු 10ක්ද ලබාගැනීමට සීවලි කණ්ඩායම් නායක සනුජ නිඳුවරසමත් විය.මෙම තරඟ වාරයේ තරඟ 06ක් තුල කඩුලු 14ක් ලබාගනිමින් විනුද රන්දිල් දස්කම් දැක්විය,

ගන්කන්ද මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් මෙවර තරඟ වාරයේ ඉනිම් 18ක්තුල එක් ශතකයක් හා අර්ධ ශතක 03ක් සමඟ ලකුණු 516 ක් නිමේෂ් සත්සර විසින් ලබාගන්නා ලදි. සංඛ ලක්ෂාන් අර්ධ ශතක 03ක්සමඟ ලකුණු 381ක් රැස්කර ගත් අතර, පන්දු යැවිමේදි තරඟ 09කදී හෂාන් මදුරංග කඩුලු 40ක්ද,කවිඳු නෙත්රුවන් කඩුලු 32ක් ද බිද හෙලීමට සමර්ථව ඇත.

 

සීවලි මධ්‍ය විද්‍යාල කණ්ඩායම

ඉදිරි පෙළ වමේ සිට

සනුජ නිඳුවර (නායක ), තිලක් දන්දෙණිය මහතා (ක්‍රිකට් ක්‍රීඩාව භාර ආචාර්ය), රුක්ෂාන් පතිරණ මහතා (ක්‍රිකට් ක්‍රීඩාව භාර ආචාර්ය), මානෙල් නිරිඇල්ල මහත්මිය (නියෝජ්‍ය විදුහල්පති), නීල්වතුකාරවත්ත මහතා (විදුහල්පති), රොෂාන් වෙදගේ මහතා (නියෝජ්‍ය විදුහල්පති), ප්‍රවීන් කරුණාපාල මහතා (ක්‍රිකට් ක්‍රීඩාව භාර ආචාර්ය), නිලාන් ප්‍රේමරත්න මහතා (ක්‍රිකට් ක්‍රීඩාව භාර ආචාර්ය), පූරක දිසානායක මහතා (පුහුණුකරු), චාමිකර ගුණතිස්ස (උපනායක)

පසු පෙළ වමේ සිට

ආයුක රන්කෙත්,විනුද රන්දිල්,සතිර සනුදය,කමිඳු තිනෙත්,තිසර සංකල්ප, චතූප කවින් , පසිඳු චාමිකර,කවිෂාන් භාණුක , උත්සර රණතුංග,හරිත කවීෂාන්,නිදුක ප්‍රේමරත්න , තරිඳු තේජක,සසිඳු අශාන්

 

ගන්කන්ද මධ්‍ය විද්‍යාල කණ්ඩායම

ඉදිරි පෙළ වමේ සිට

නිමේෂ් සත්සර ( උප නායක), චාමින්ද සුපුන් ජයරත්න මහතා (පුහුණුකරු ), ශ්‍යාමා ගුණරත්නමහත්මිය (ක්‍රීඩා භාර ආචාර්ය ), ශානිකා සේනාරත්න මහත්මිය (නියෝජ්‍ය විදුහල්පති ), සුධීර ෆොන්සේකා (විදුහල්පති ).ප්‍රියංකා දසනායකමහත්මිය (නියෝජ්‍ය විදුහල්පති ), ප්‍රියංගිකා ජයසුන්දර මහත්මිය (සහකාර විදුහල්පති ), රුසිරු තාරක (කණ්ඩායම් නායක )

මැද (දෙවන) පෙළ ව්මේ සිට

ඉෂාරගමගේ,නිර්මාල් රශ්මික,කෝකිල හර්ෂ,දසුන් නිම්සර,සංඛ ලක්ෂාන්,රවිඳු සත්සර , විශ්ව නවෝදන,කවිඳු ගිම්හාන්,ඉසුරු බණ්ඩාර,හෂාන් මදුරංග , මිලින්ද ලක්ෂාන් , කවිඳු නෙත්රුවන්

පසු(තෙවන)පෙළ වමේ සිට

විහඟ සචින්ත,චමත් ඉඳුවර,ඔනේෂ් විහඟ,අදීෂ් ආමන්ත,සමීර ගමගේ

 


අදහස් (0)

​රන්මිණි සටන 08-09

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.