Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ෆෆ් ඩු ප්ලෙසිස්ට මතකය අහිමිවෙයි

ෆෆ් ඩු ප්ලෙසිස්ට මතකය අහිමිවෙයි

editorial - 2021 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ පසුගිය සෙනසුරාදා පැවැති තරගයක් අතරතුරදී සිදුවූ අනතුරක් හේතුවෙන් තමාට යම් මතක ශක්තියක් අහිමි වූ බව දකුණු අප්‍රිකානු පිතිකරු ෆෆ් ඩු ප්ලෙසිස් පැවසීය.

අබුඩාබියේ ෂෙයික් සයීඩ් ක්‍රීඩාංගණයේදී පෙෂාවර් සල්මි කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු රකිමින් සිටියදී මෙම අනතුරකට ලක්විය.

පන්දුවට පහරදෙමින් සිටි පෙෂාවර් සල්මි පිලේ 7 වැනි ඕවරයේදී ෆෆ් ඩු ප්ලෙසිස් හතරේ පහරක් නැවැත්වීමට උත්සහ කිරීමේදී පාකිස්තානු ක්‍රීඩක මොහොමඩ් හස්නේන්ගේ දණහිසෙහි ඔහුගේ හිස වැදී තිබේ.

එම අවස්ථාවේදීම හිසෙහි ස්කෑන් පරීක්‍ෂණයක් සඳහා ෆෆ් ඩු ප්ලෙසිස්ව රෝහල් ගත කර තිබුණි.

ඩු ප්ලෙසිස් වෙනුවට ආරම්භක පිතිකරු සයිම් අයුබ් ආදේශක පිතිකරු ලෙස පත් කර තිබුණි. ඉස්ලාමාබාද් යුනයිටඩ් පිලට එරෙහි පැවැති තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඔන්ඩ්‍රි රසල්ට, මොහොමඩ් මූසා විසින් යවන ලද පන්දුවක් හිසේ වැදීමෙන් ක්යේටා ග්ලැඩියේටර්ස් පිලට ආදේශකයක් භාවිතා කිරීමට සිදුවිය.

භෞත චිකිත්සකවරයා විසින් රසල්ව පරීක්ෂා කිරීමෙන් පසුව ඔහුට පන්දුවට පහර දීමට අවසර ලැබුණද ඊළඟ පන්දුවේදී ඔහු දැවී ගියේය. පසුව ඔහුව රෝහලට ගෙන ගිය අතර, නසීම් ෂා ආදේශකයෙකු ලෙස ක්‍රීඩා කළේය.

- 2079


අදහස් (0)

ෆෆ් ඩු ප්ලෙසිස්ට මතකය අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.