Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ළහිරු මධුෂංකට ද්විතව ශතකය මඟ හැරෙයි
ජාතික සුපිරි ලීගය - 2023

ළහිරු මධුෂංකට ද්විතව ශතකය මඟ හැරෙයි

editorial - 2023 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ අවසන් දිනය වූ අද (19 වැනිදා) ලකුණු 194 ක් ලබා සිටියදී දැවී යෑම හේතුවෙන් යාපනය කණ්ඩායමේ නායක ළහිරු මධුෂංකට ද්විත්ව ශතකය සම්පූර්ණ කිරීමට නොහැකි විය.

තෙවැනි දිනය වූ ඊයේ (18 වැනිදා) තරගය නතර කරන විට නොදැවී ලකුණු 178 ක් ලබා සිටි ළහිරු, අද දිනයේදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 21 ක් සමග ද්විත්ව ශතකය කරා යෑමට දැඩි උත්සාහයක් ගත්තද, මොහොමඩ් සිරාස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීම හේතුවෙන් ඔහුගේ උත්සාහය අසාර්ථක විය.

ළහිරුගේ අගනා පිතිහරඹය හේතුවෙන් යාපනය කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 584 ක් රැස්කිරීමට හැකි විය. ජයග්‍රහණය සඳහා ලකුණු 457 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායම තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 50 ක් ලබා සිටියේය.


යාපනය පළමු ඉනිම - සියලු දෙනා දැවී 130
ගාල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 258
යාපනය දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 584

(රොන් චන්ද්‍රගුප්ත 86, ජනිත් ලියනගේ 40, අවිෂ්ක තරිඳු 62, ළහිරු මධුෂංක 194, රවිඳු ප්‍රනාන්දු 73, බිනුර ප්‍රනාන්දු 34, ජෙෆ්රි වැන්ඩසේ නොදැවී 50, අකිල ධනංජය 138/3, මොහොමඩ් සිරාස් 100/2, අසංක මනෝජ් 100/2)
ගාල්ල දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 50  
(ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 18, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 19)


අදහස් (0)

ළහිරු මධුෂංකට ද්විතව ශතකය මඟ හැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.