Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ළහිරු යළිත් පෙරමුණ ගනී

ළහිරු යළිත් පෙරමුණ ගනී

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 17 වැනි සතිය නිමාවන විට ඡන්ද සටනේ පෙරළියක් ඇති කරමින් නැවත වරක් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට කඳාන ද මැසිනොද් විදුහලේ ළහිරු වික‍්‍රමසිංහ සමත්ව සිටියි.

පසුගිය සති දෙකක කාලය තුළ එම කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටි කොළඹ රාජකීය විදුහලේ රන්දේව් පතිරණ දෙවැනි ස්ථානයට ඇද දමමින් ලහිරු වික‍්‍රමසිංහ මෙසේ ඉදිරියට පැමිණ ඇත. ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 14,700 ත් සමග මේ වන විට ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 57,677 ක් දක්වා ඉහළ ගොස් තිබේ.   

නවතම තත්ත්වට අනුව සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්ව සිටින රන්දේව් පතිරණට ගෙවීගිය සතිය තුළදී ලබාගැනීමට හැකිවී ඇත්තේ ඡන්ද 7574 ක් පමණි. ඒ අනුව ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාවද 55034 ක් දක්වා වර්ධනය වී තිබේ.

පානදුර රාජකීය විදුහලේ අඛිල ලක්ෂාන් සහ මහනුවර ති‍්‍රත්ව විදුහලේ රවීන් සේයර් පිළිවෙලන් ඡන්ද 8060 ක් සහ 3107 ක් බැගින් ලබාගෙන සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන වල රැදීසිටිති. කෙසේවුවත් රවීන් සේයර් පසුගිය සතිය තුළදී ලබාගෙන ඇත්තේ එක් ඡුන්දයක් පමණක් වන අතර අඛිල ලක්ෂාන් පසුගිය සති කිහිපය තුළදී එකදු ඡන්දයක් හෝ ලබාගැනීමට අපොහොසත්වී තිබේ.

සති ගණනාවක් පුරා නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ රැකගෙන සිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ ධනුෂ්ක ළහිරු, ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 145 ත් සමග මේ වන විට ඡන්ද 2783 ලබා සිටියි.

එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය ඡන්ද 2531 ක් ලබා සිටින පානදුර ශී‍්‍ර සුමංගල විදුහලේ ළහිරු විමුක්තිට හිමිවී ඇති අතර ගෙවීගිය සතිය තුළදී ඔහු ඡන්ද 351 ක් ලබාගෙන තිබේ. ඒ අනුව තවදුරටත් ඔහු පළමු ස්ථනයේ රැදීසිටින ධනුෂ්ක ළහිරුට අභියෝග කරමින් සිටියි. ඔවුන් දෙදෙනා අතර පවතින පරතරය ඡන්ද 252 ක් පමණි.

අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන ලේටන් පාර්ක් විදුහලේ රොමේෂ් මධුෂාන් ගෙවීගිය සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 9 ක් පමණි. කෙසේවුවත් මුළු ඡන්ද 16,723 ලබාසිටින ඔහු පසුකර පසුකරයෑම, එම කාණ්ඩයේ අන් කී‍්‍රඩකයන්ට ඉතා අසීරු කාර්යයක් වී තිබේ.

නුගේගොඩ ලයිසියම් විදුහලේ රසාංජන මල්ලිකාරච්චි ඡන්ද 4763 ලබාගෙන එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර පසුගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇත්තේ ඡන්ද 2 ක් පමණි.  

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ප‍්‍රකාශයට පත්වන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත්වලත්, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතෙත් පළවේ. ඒ අනුව තමන් කැමතිම කී‍්‍රීඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.

කූපන්පත් නිකුත් කිරීම මැයි මස 25 වැනිදා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතෙන් නිමා වන අතර මැයි මස 30 වැනිදා පෙරවරු 9.30 ට කූපන්පත් බාරගැනීම අවසන් වේ.

සමස්ත ලංකා පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා       පාසල  ඡන්ද
ළහිරු  වික‍්‍රමසිංහ කඳාන ද මැසිනොද් විදුහල 57677
රන්දේව් පතිරණ කොළඹ රාජකීය විදුහල 55034
අකිල ලක්ෂාන්   පානදුර රාජකීය විදුහල 8060
රවීන් සේයර්  මහනුවර ති‍්‍රත්ව විදුහල 3108
පි‍්‍රයමාල් පෙරේරා   කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 2699
නිමේෂ් ගුණසිංහ කටුගස්තොට ශා. අන්තෝනි විදුහල 2679
ඒ. කේ. ටිරෝන් ගාල්ල රිච්මන්ඞ් විදුහල 2613
යශාන් සමරසිංහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල    2343
කුසල් මෙන්ඩිස්    මොරටුව වේල්ස්කුමර විදුහල 2068

නැගීඑන පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා       පාසල  ඡන්ද
ධනුෂ්ක ළහිරු   ගාල්ල විද්‍යාලෝක විදුහල  2783
ළහිරු  විමුක්ති පානදුර ශී‍්‍ර සුමංගල විදුහල 2531
කලණ හසරංග  මාතර රාහුල විදුහල 576
හර්ෂ රාජපක්ෂ මාතර රාහුල විදුහල 508
ලසිත ලක්ෂාන් මාතර ශාන්ත තෝමස් විදුහල 319
සචින් ජයකොඩි  වත්තල ශාන්ත අන්තෝනි විදුහල 140

 අන්තර්ජාතික පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා       පාසල  ඡන්ද
රොමේෂ් මධුෂාන් ලේටන් පාර්ක් විදුහල 16723
රසාංජන මල්ලිකාරච්චි නුගේගොඩ ලයිසියම් විදුහල 4763
ෆර්සත් ෆාසල් කොළඹ ගේට්වේ විදුහල  319
නිමේෂ පෙරේරා වත්තල ලයිසියම් විදුහල  198

පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී තිබේ.

ත්‍යාග හිමිකරගත් පාඨකයෝ

1. දිව්යාංගී රාජපක්ෂ, 52/5, දෙමලව, පිළියන්දල
2. ජෙරම් ග්‍රෙගරි, 14-3/1, පමුණුවිල, ගෝනවෙල, කැලණිය
3. එච්. කේ. පේ‍්‍රමදාස, පෙබොටුව ගබඩාව, ෆෝල්කන් හන්දිය, ඇලපාත, රත්නපුර
4. ඩබ්ලිව්. ද සිල්වා, නො. 60, හරස් පාර, කොළඹ 8  


අදහස් (0)

ළහිරු යළිත් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.