මහනුවර විද්‍යාර්ථ විදුහල සහ ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැති 58 වැනි ‘ළදරුවන්ගේ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය ඊයේ (15 වැනිදා) විසඳුමකින් තොරව අවසන් විය. තරගය අවසන් වන විට විද්‍යාර්ථ විදුහල දෙවැනි ඉනිමට කඩුලූ 5 ක් දැවී ලකුණු 128 ක් රැස්කර සිටියේය.
පළමුව පන්දුවට පහර දුන් විද්‍යාර්ථ විදුහල ලකුණු 191 ක් රැස්කළ අතර ශාන්ත සිල්වෙස්ටර් විදුහල පළමු ඉනිම කඩුලූ 8 ක් දැවී ලකුණු 270 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය. ශාන්ත සිල්වෙස්ටර් විදුහල පළමු ඉනිමේ ජය දක්වා රැගෙන එමින් හංසමාල් පෙරේරා පන්දු 133 කදී හතරේ පහර 14 ක් සමගින් නොදැවී ලකුණු 139 ක් රැස්කිරීමට සමත් විය.
විද්‍යාර්ථ විදුහල - පළමු ඉනිම ඕවර 82.4 කදී සියලූ දෙනා දැවී 191
(කසුන් නවරත්න 34, නිපුන රණවක 31, රොෂාන් නානායක්කාර 29, ක‍්‍රිෂාන්ත ජයසූරිය 23, ඉසුරු වීරසිංහ 20, ශිවකුමාර් ටිරෝන් 53/5, ඉඳුනිල් සාරානන්ද 30/2)
ශාන්ත සිල්වෙස්ටර් විදුහල - පළමු ඉනිම ඕවර 56.3 කදී කඩුලූ 8 ට 270
(හංසමාල් පෙරේරා නොදැවී 139, ශිවකුමාර් ටිරෝන් 42, උදේෂ් පරාක‍්‍රම 30, සුමේධ දිසානායක 18, චානක රත්නායක 70/3, ඉසුරු වීරසිංහ 38/2, දසුන් නවරත්න 70/2)
විද්‍යාර්ථ විදුහල - දෙවැනි ඉනිම ඕවර 52 කදී කඩුලූ 5 ට 128
(ක‍්‍රිෂාන්ත ජයසූරිය 47, ඉසුරු වීරසිංහ නොදැවී 35, ඉඳුනිල් සාරානන්ද 27/2, නිමේෂ මෙන්ඩිස් 30/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.