වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ හොඳම කණ්ඩායම් හතර ලෙස කොළඹ ඉසිපතන, මොරටුව ශාන්ත සෙබස්තියන්, අම්බලන්ගොඩ ධර්මාශෝක සහ පානදුර රාජකීය විදුහල් ඉදිරියට පැමිණ සිටිති.
තරගාවලියේ මීළග අදියර මෙම හොඳම කණ්ඩායම් අතර ලීග් තරගාවලියක් ලෙස පැවැත්වේ.
පානදුර රාජකීය විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගය විසදුමකින් තොරව අවසන් වුවද ප‍්‍රසාද ලකුණු අනුව පානදුර රාජකීය විදුහල හොඳම කණ්ඩායම් අතරට පැමිණියේය.
නාලන්දා විදුහල පළමු ඉනිම ඕවර 64 කදී කඩුලූ 9 ට 118
(අවිෂ්ක පෙරේරා 20, ප‍්‍රසාන් කල්හාර 25/4, ප‍්‍රසන්න පුෂ්පකුමාර 29/2)
රාජකීය විදුහල පළමු ඉනිම ඕවර 36 කදී කඩුලූ 6 ට 104
(ලසිත් තාරුක 27, රනේෂ් ජනි`දු නොදැවී 32, රවීන් ද සිල්වා 25/3)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.